අමුතු එළි

ඔන්න අද මම කියන්න යන්නේ වෙනස්ම විදියේ අත්දැකීමක් දෙන ෆිල්ම් එකක් ගැන. මේක Drama, Fantasy, Horror, Sci-Fi, සහ Thriller කියන වර්ග ඔක්කොටම අයිති වෙන කතාවක්.
කතාව පටන් ගන්නේ කේට් (Kate) එයාගේ පෙම්වතාගේ යාළුවොත් එක්ක ටිකක් ඈත තියෙන පළාතකට යන ගමනකින්. ඔහොම නිදහසේ කාලය ගතකරන්න ගියපු මේ අයට එකපාරටම අහසේ අමුතු එළි වගයක් පේන්න ගන්නවා. මේ සිදුවීමත් එක්ක කට්ටිය අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න සහ ආතතීන් ඇතිවෙන්න පටන් ගන්නවා.
හැබැයි ඊටපස්සේ තමයි භයානකම දේ වෙන්නේ. කාටවත් නොපෙනෙන මොකක්දෝ දෙයක් නිසා මේ කට්ටිය එකපාරටම අමුතු විදියට ‘හොඳ’ (eerily “nice”) අය බවට පත්වෙන්න ගන්නවා. මේ අමුතු වෙනස පිටිපස්සේ හැංගිලා තියෙන්නේ ගොඩක් භයානක අඳුරු ඇත්තක් කියලයි මේකේ සාරාංශයේ තියෙන්නේ.
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ Peter Stylianou විසින්. ඒ වගේම ප්‍රධාන චරිත විදියට Joelle Rae, Emrhys Cooper සහ Ayvianna Snow රංගනයෙන් දායක වෙනවා.

Comments