Cast
Go Full Cast PageFour Hands, Two Sonatas 2026 අගෝස්තු 29 ඉඳන් ඔක්තෝබර් 4 වෙනකන් tvN සහ Netflix එකේ ගිය අලුත්ම කතාවක්.
කතාව යන්නේ මෙහෙමයි:
මේක සෙට් වෙන්නේ සංගීතයට ගොඩක් දක්ෂ ළමයි ඉන්න ආර්ට්ස් හයිස්කූල් එකක. ප්රධාන චරිත දෙක තමයි Kang Bio (Song Kang) සහ Choi Jung-yo (Lee Jun-young). එක්කෙනෙක් තාක්ෂණික පැත්තෙන් මාරම දක්ෂයි, අනිත් කෙනා තමන්ගේ හැඟීම්වලට මුල්තැන දීලා පියානෝ ප්ලේ කරන වෙනස්ම background එකකින් ආපු කෙනෙක්.
“Four hands” කියන්නේ දෙන්නෙක් එකම පියානෝ එකක එකට ප්ලේ කරන එකට. එකම බෙන්ච් එකේ වාඩි වෙලා, එකම කීබෝඩ් එක ෂෙයා කරද්දි තියෙන ඒ ආතතිය වගේම සමීප බව මාරම ලස්සනට කතාවේ පෙන්නනවා.
මේ දෙන්නා අතරේ තියෙන යාලුකම, එකිනෙකාගේ දක්ෂතාවලට තියෙන ඉරිසියාව සහ තරඟකාරීත්වය එක්ක තමයි කතාව ඉදිරියට යන්නේ
අවුරුදු 9කට පස්සේ වෙන misunderstandings සහ ආයේ එකතු වෙන සීන්ස් නිසා කතාව මාරම ආසාවෙන් බලන්න පුළුවන්. මුලින් 3.4%ක් තිබ්බ ratings, අන්තිම episode එක වෙනකොට 9.4% දක්වා වැඩි වුණා. Classical music කතාවක් වුණාට පොඩ්ඩක්වත් කම්මැලි නෑ, මාරම ලස්සනයි.





























