Cast
Go Full Cast Pageනොපෙනෙන මානයෙන් පැමිණි වියරු මළවුන්
ජෙමා කියන්නේ තමන්ගේ පාසල් යන පුංචි දියණිය මායා එක්ක තනියම ජීවත් වෙන තරුණ මවක්. මෙයාලා ජීවත් වෙන්නේ ජෙමා කුඩා කාලේ තමන්ගේ අම්මා එක්ක ජීවත් උන පැරණි නිවසෙමයි. ජෙමා කුඩා කාලයෙදී එයාගේ අම්මගේ අමුතු හැසීරීම් නිසා ගොඩක් පීඩා විඳපු කෙනෙක්. ඉතිං මෙහෙම ඉන්න අතරතුර තමයි ජෙමාට එයාලගේ ගෙවල් අහල පහළ නිතරම කැරකෙන අමුතු පහේ වයසක තුන්දෙනෙක්ව දකින්න ලැබෙන්නේ. එයාලව දැකපු දවසේ ඉඳන් ජෙමාට නින්දෙන් භයානක හීන පේනවා වගේම එයා පියවි ලෝකයෙන් වෙනස් ලෝකේකට යන බවක් එයාට දැනෙනවා. මේ තත්වය එන්න එන්නම දරුණු වෙද්දි ජෙමා මේ ගැන අපි කලින් දන්න කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා වගේම ඇත්තටම ජෙමා කියන්නේ කවුද සහ ජෙමාට කරන්න පුළුවන් මොනවද කියලා මේ කෙනා එයාට පැහැදිලි කරනවා. හැබැයි ඒ වගේම ජෙමාගේ පස්සෙන් එන අති භයානක බලවේගයකට යම්කිසි දෙයක් වෙනුවෙන් ඇයව පාවිච්චි කරන්න උවමනාව තියෙන බවත් ඇයට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ බිහිසුණු බලවේගෙට ඇත්තටම ජෙමාගෙන් මොනවද ඕන? ජෙමාට මොනවා කරන්නද හැකියාව තියෙන්නේ? මේ බලවේගය ඇත්තටම කවුද? මේ සේරටම උත්තර ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න හැකියාව තියෙනවා වගේම මතක ඇතුව අන්තිමට තියෙන පෝස්ට් ක්රෙඩිට් සීන් එකත් අනිවාර්යෙන්ම බලන්න.
Insidious: Out of the Further ෆිල්ම් එක මේ වෙද්දි 6.2ක IMDb අගයක් සහ 58%ක කුණු තක්කාලි අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ අද බවත් මතක් කරන්න ඕන. ඇ.ඩො. මිලියන 18ක වියදමින් තැනු මේ චිත්රපටය Insidious චිත්රපට මාලාවේ වැඩිම පිරිවැයක් යොදලා නිර්මාණය කරපු ෆිල්ම් එක වෙනවා වගේම මේ වෙද්දි ඇ.ඩො. මිලියන 168ක් ලබාගෙන මෙම චිත්රපට මාලාවේ තෙවනුවට වැඩිම ආදායම ලබාගත් චිත්රපටය බවට පත්වන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙන බව කියන්න ඕන. ඒ වගේම මේ චිත්රපටයේ රංගන දායකත්වය ලබාදෙන්නේ පහත දැක්වෙන නළු නිළි කැළයි:
• Amelia Eve – ජෙමා හෝල්
• Brandon Perea – නික් මෙන්ඩෝසා
• Maisie Richardson-Sellers – ක්ලෙයා
• Lin Shaye – එලීස් රේනර්
• Sam Spruell – සයිරස් ලැම්
• Island Austin – මායා හෝල්











