හෘද සාක්ෂිය විමසූ නඩුව...

ආයුබෝවන් යාලුවො හැමෝටම! අද මම අරගෙන ආවේ ලෝක සිනමාවේ බිහිවුණු තවත් දැවැන්ත නිර්මාණයකට උපසිරැසියක්.
කතාවේ නම තමයි Judgment at Nuremberg (1961). Stanley Kramer ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ සිනමා සිත්තම History / Drama ගණයට තමයි අයත් වෙන්නේ. මේ වෙද්දී IMDb දර්ශකයේ 8.3/10 ක ඉහළ අගයක් අරගෙන ලෝකයේ හොඳම චිත්‍රපට 250 (Top 250) අතරේ රැඳෙන්නත් මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා.
කතාව පදනම් වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1948 අවුරුද්දේ ජර්මනියේ නියුරම්බර්ග් නගරයේ සිද්ධවෙන සැබෑ අධිකරණ විභාගයක් වටා. යුද්ධය කාලේ නාසි පාලනය යටතේ අහිංසක මිනිස්සුන්ට මරණ දඬුවම නියම කරපු, වධකඳවුරු වලට යවපු ජර්මන් විනිසුරුවරුන් හතරදෙනෙක්ට එරෙහිව තමයි මේ නඩුව ඇමෙරිකානු විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණයකදී විභාග වෙන්නේ.
තමන් කළේ රටේ නීතිය ක්‍රියාත්මක කරපු එක විතරයි කියලා මේ නාසි විනිසුරුවරු කියද්දී, හරි වැරැද්ද, නීතිය සහ මනුස්සකම කියන්නේ මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මේ නඩු විභාගය ඇතුළේ මතු වෙනවා. අධිකරණයක් ඇතුළේ වෙන තියුණු තර්ක විතර්ක එක්ක කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම කතාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Comments