Cast
Go Full Cast Pageකඩා වැටුණු පාලම පිටුපස සැඟවුණු රහස!
සුබ දවසක් වේවා අද මම ඔයාලට අරගෙන ආවේ ක්රයිම් සහ ත්රිලර් ගණයට අයිති වෙන අලුත්ම අලුත් හින්දි චිත්රපටියක් MDb දර්ශකයේ 5.9 ක මට්ටමක රේටින්ග්ස් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි වැඩකාරයෙක් වෙන Dhruv Tripathi විසින්. මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ බොලිවුඩයේ දක්ෂ නිළි Parineeti Chopra සමඟ Deven Bhojani ඇතුළු ජනප්රිය නළු නිළියන් පිරිසක්.
කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා පාලමක් කඩා වැටීමේ අනතුරක් වටා. ඒ අනතුර පිටුපස තියෙන ඇත්තම රහස හොයන්න යන තරුණ මාධ්යෙව්දිනියක් සහ ඇගේ කැමරා ශිල්පියා මුහුණ දෙන අකරතැබ්බයන් පෙළක් තමයි මේකෙන් පෙන්වන්නේ. සාමාන්ය ප්රවෘත්තියක් විදිහට මේ පරීක්ෂණය පටන් ගත්තත්, පස්සේ මුළු රටම වෙලාගෙන තියෙන මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක සහ දූෂිත පාතාල කල්ලියක රහස් ජාලයක් ඇතුළට මේ දෙන්නා කොටු වෙනවා. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ඔවුන් සත්යය රටට හෙළි කරන්නේ කොහොමද කියන කුතුහලය මුළු චිත්රපටිය පුරාම උපරිමයෙන්ම රැඳිලා තියෙනවා.
සිංහල උපසිරැසි සහිත වීඩීයෝව දැන්ම cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා ඩවුන්ලෝඩ් කරගෙන නරඹන්න කියලා ආරාධනා කරනවා.
ජයවේවා!






