ආත්ම ගෞරවයේ වටිනාකම කීයද…?

2026 ඔක්තෝම්බර් 15 වෙනිදා වැඩි හාවක් හූවක් නැ​ති දමිළ චිත්‍රපටයක් එනවා NETFLIX එකට. මට ඒක පුදුම සහගත කාරණය උනේ ඒ ෆිල්ම් එකට IMDB අගය 9.2ක අගයක් තිබ්බා. ඉතින් ට්‍රේලර් එකත් බලපුවම දැක්කා මේ චිත්‍රපටය​ට සම්මාන කිහිපයකුත් මේ වෙනකොට හම්බෙලා තියෙන විත්තිය.
ලොකු/ප්‍රධාන ධාරා​වේ නළු නිළියෝ කවුරුත් නැති උනත්, හොඳට රඟපාන්න පුලුවන්, හොඳ ස්ටෝරියක් තියෙන කතාවක් කියලනම් කියන්න පුලුවන්. මේක social drama ස​හ courtroom thriller කියන කාණ්ඩයන්ට අයත් චිත්‍රපටය​ක්.
මේ කතාවේ පටන් ගන්නේ තමිල්නාඩුවේ, රාමේෂ්වරම් කියන ගමේ ඉන්න ධීවරයෙක්ගෙන්. ඔහු නමින් තවසි. තවසි පාඩුවේ තමන්ගේ පවුලත් එක්ක ජීවත් වෙවී ඉන්නවා. ඉතින් ඒ ධීවරයන්ගෙ තියෙන එක් පුරුද්දක් තමයි රාමේශ්වරම් කෝවිලට එන මිනිස්සු බාරහාර ඔප්පු කරලා මුහුදට එහෙම විසි කරන කාසි වගේ දෙවල් කිමිදිලා අරගන්න එක. මේක ඇත්තටම ඒ පැත්තේ තියෙන රස්සාවක් වගේ දෙයක්. ඒ විදියට දවස​ක තවසිට හම්බෙනවා මැණික් ගල් අල්ලපු, රත්තරන් පදක්කමක්. ඕක ඉතින් මොන උනත් මිනිහට අයිති නැති නිසා බාර දෙන්න කියලා පොලිසියට අරන් යනවා. ඔතන ඉඳන් මිනිහ​ගේ, වගේ​ම මුලු තමිල්නාඩුවේ​ම ඉරණම වෙනස් වෙන්න පටන් ගන්නවා….
ඒ කොහොමද, මොකද්ද වෙන්නේ කියලා ඔයාලට බලන්න ආරධනා කරනවා….

Comments