andaVision සහ Agatha All Along කථා මාලා වලින් පසුව දිගහැරෙන මෙම සුවිශේෂී කථා මාලාව ආරම්භ වන්නේ, වයිට් විෂන් (White Vision) හෙවත් මතකයන් නැවත ලැබුණද ඒවාට හැඟීම් සම්බන්ධ කරගැනීමට නොහැකිව අභ්‍යන්තර අනන්‍යතා අර්බුදයකින් (Identity Crisis) පෙළෙන විෂන්ගේ නව ජීවිතය හරහායි.

තමන් කවුද යන්න තේරුම් ගැනීමට සහ මිනිස් ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විෂන්, සාමාන්‍ය මිනිසෙකු ලෙස වෙස්වළාගෙන එඩින්බරෝ (Edinburgh) හි සාම්ප්‍රදායික ස්කොට්ලන්ත අවන්හලක (Pub) නිහඬ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. නමුත් ඔහුගේ ක්‍රමලේඛනය තුළ (Programming) ගැබ් වී ඇති අභ්‍යන්තර කෘත්‍රිම බුද්ධි (AI) පෞරුෂයන් සහ මතකයන් ඔහුට නිතරම වධ දෙන්නට පටන් ගනී.

තම මනස තුළ ඇති වන මෙම ව්‍යාකූලතාවයෙන් මිදීමට ඔහු තමන්ගේ අභ්‍යන්තර මනස් අවකාශයට (Mindspace) පසුබැසීමට සිදුවන අතර, එහිදී ඔහුට තම පැරණි නිර්මාතෘවරයා මෙන්ම දැවැන්තම තර්ජනයක් වන අල්ට්‍රන් (Ultron) සමඟ මුහුණට මුහුණ හමුවීමට සිදුවේ.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ යොහාන් සම්පත් විසින්.

Comments