ඇයගේ සාපය
ඔයාලා හොරර් ෆිල්ම් බලන්න ආස අය නම්, මේ කියන්න යන්නේ ඔයාලට බලන්න පුළුවන් අලුත්ම ෆිල්ම් එකක් ගැනයි. මේ ෆිල්ම් එකේ නම තමයි “Siccîn 9”. මේක 2026 මැයි 15 වෙනිදා නිකුත් වුණු, තුර්කියේ නිර්මාණය කරපු අද්භූත (supernatural/folk horror) ෆිල්ම් එකක්.
මේක අධ්යක්ෂණය කරලා වගේම තිර රචනය කරලා තියෙන්නේ Alper Mestçi විසින්. Burcu Almeman, Fahrettin Avci, Buse Kayali, සහ Adnan Koç කියන අය තමයි මේකේ ප්රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. ෆිල්ම් එක පැය 1යි විනාඩි 31ක් පුරා දිවෙනවා.
කතාව ගැන බැලුවොත්, මේක ගෙතිලා තියෙන්නේ Cemal කියන චරිතය වටා. එයා තමන්ගෙන් ඈත් වෙලා හිටපු එයාගේ තාත්තා වෙන Riza ගේ ගෙදරට පළවෙනි වතාවට යනවා. එහෙදි මේ ගෙදරට යනවත් එක්කම පරම්පරාවෙන් එන පවුලේ සාපයක් (bloodline curse) ආයෙත් අවදි වෙලා, අතීතයේ කරපු පව් එළියට එන්න ගන්නවා. තමන්ගේ දරුවාව බේරගන්න අම්මා කෙනෙක් කරන මන්ත්රයක් නිසා පරණ, අඳුරු රහසක් මේ පොළොවට බැඳිලා තියෙන බව මේකේ කියවෙනවා. දශක ගාණක් හැංගිලා තිබුණු මිනීමැරුමකට සම්බන්ධ “Mühr-ü Ensâb” කියන මේ පරණ පවුලේ සාපය ගැන Cemal හොයාගන්න හැටි තමයි මේ කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ








