Cast
Go Full Cast Pageමා වෙනුවෙන්..
“Fall For Me” Erotic Thriller ශානරයේ පැය එකකුත් මිනිත්තු සතළිස් පහක් දිවෙන චිත්රපටියක්… ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවෙන් දිගහැරෙන මේ චිත්රපටයට තියෙන්නේ 4.9 ක IMDb අගයක්.. චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ Sherry Hormann විසින් වන අතර, රංගනයෙන් දායක වන නළු නිළි පිරිසත් ජර්මන් සම්භවයක් ඇති අය නිසාවෙන් හරි ලස්සනට සහ පැහැදිලිව ඔවුන් මේ භාෂාවන් මේ කතාව දිගහැර පානවා..
කතාව මේකයි, ‘ලිලී’ ෆන්කේ/ෆැන්කේ සහ ‘වැලේරියා’ ෆැන්කේ කියන්නේ සහෝදරියෝ.. මෙයාලගේ අම්මා වගේම තාත්තත් මේ කතාව වෙද්දි ළඟ නෑ.. වැලේරියාට ඉන්නවා ‘මනූ’ කියලා පෙම්වතෙක්.. මනූ සහ වැලේරියා ජීවත් වෙන්න ඇවිල්ලා ඉන්නවා තාවකාලිකව එක ලස්සන දූපතකට, මේ දූපතේ ලිලී සහ වැලේරියා දෙන්නගේ අම්මට අයිති වුණ පරම්පරාවෙන් එන දේපළක් තියෙනවා. කොහොමහරි මේ ජෝඩුව ජීවත් වෙන ගෙදරට කෙටි නිවාඩුවකට එනවා ලිලී. එතකොට ලිලී දැනගන්නවා තමන්ගේ නංගි මේ වෙද්දි මනූ කියලා කෙනෙක් එක්ක විවාහ ගිවිසගෙන ඉන්නේ කියලා. කොහොමහරි මාස හතරක් වගේ කෙටි කාලයකින් මෙහෙම තීරණයක් එයා අරගෙන තියෙන එකට ලිලී එච්චර කැමැත්තකින් නෙමේ සහ මනූ කියන කෙනා ගැන පොඩි සැකේකින් තමයි ඉන්නේ. මේ අතරේ මේ තුන්දෙනා රාත්රී සමාජ ශාලාවකට ගියාම එතන ඉන්න මැනේජර් කෙනෙක් වෙන ‘ටොම්’ මුණගැහෙනවා අහම්බෙන් ලිලී ට. මේ දෙන්නා අතරේ යම් සම්බන්ධයක් ගොඩනැගෙනවා.. මේක ආදරයක්මයි කියලා නිර්වචනය කරන්න බෑ. කොහොමහරි මෙහෙම කතාව ගලාගෙන යනකොට ලිලී ට ආරංචි වෙනවා තමන්ගේ නංගි පරම්පරාවෙන් එන දේපළ විකුණන්න යනවා කියලා මනූ එක්ක එකතු වෙලා. මේකට තදින්ම විරුද්ධ වෙනවා ලිලී. මොකද විශේෂයෙන්ම මනූ ගැන තියෙන සැකේ හින්දා. මේ අතරේ කතාවේ වෙනම පැත්තක් ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි මේ හතරදෙනා රූකඩ කරගෙන නටවන වෙනම කණ්ඩායමක් එළියේ ඉන්නවා. ඉතින් කවුද මේ අය? මේ අයට මොනවද මේ සහෝදරියන්ගෙන් ඕන කරන්නේ? අදාළ කාරණේට මනූ සහ ටොම් කියන කොල්ලෝ දෙන්නව ඇතුළත් කරගෙන මොකක්ද කරන්න හදන්නේ? කියන ප්රශ්න වලට තමයි ඔයාලට මේ ගතවන කාලෙදි උත්තර හොයාගන්න වෙන්නේ.
චිත්රපටිය වැඩිහිටියන්ට පමණයි නිර්දේශ කරන්නේ අපි.. ඒ නිරුවත් දර්ශන අන්තර්ගත වීම හේතුවෙන්.
එහෙනම් බලලා රසවිඳින්න තව ලස්සන චිත්රපටියකින් අපි මුණගැහෙනකන්.. ජය!











