අහම්බෙන් හමුවූ අද්භූත දැරිය

සුබ දවසක් වේවා හැමෝටම. මේ අවුරුද්දේ රිලීස් වුණ, IMDb 5.9 ක රේටින් එකක් ගත්ත සුපිරිම ෆැන්ටසි කොමඩි චිත්‍රපටියක් තමයි Don’t Trouble the Trouble කියන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shashank Yeleti විසින්. මේකේ ප්‍රධාන චරිතවලට මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Fahadh Faasil එක්ක Ssara Palekar සහ Mahesh Manjrekar වගේ දක්ෂ නළු නිළියන් සෙට් එකක්ම රංගපානවා.
කතාව යන්නේ සුරී කියන ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් වටා. මිනිහා සල්ලි හොයන්න පොඩි පොඩි සෙල්ලම් දාන කපටි ඩයල් එකක්. ඔහොම ඉද්දි මෙයාට අහම්බෙන් දිව්‍යා කියන පොඩි ගෑනු ළමයෙක්ව සෙට් වෙනවා. මේ ළමයා හිතන් ඉන්නේ තමන්ගේ කේන්තිය නිසා තමන්ගේ අම්මයි තාත්තයි අතුරුදන් වුණා කියලා. ඒ වගේම තමන්ට මැජික් බලයක් තියෙනවා කියලත් එයා හිතනවා. ලොකු සල්ලි අමාරුවක වැටිලා ඉන්න සුරී මේ ළමයව පාවිච්චි කරලා කෝටියක් විතර කඩාගන්න ප්ලෑන් එකක් ගැහුවත්, පස්සේ තමයි හැමෝටම හිතාගන්න බැරි ලොකුම රහසක් එළිවෙන්නේ. ඇත්තටම කවුද මේ දිව්‍යා? එයාගේ දෙමව්පියන්ට මොකද වුණේ? සුරීගේ ප්ලෑන් එකට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
එසේනම් වෙබ් අඩවියට ඇවිත් සිංහල උපසිරැසි සහිත වීඩියොව ඩවුන්ලෝඩ් කරගෙන චිත්‍රපටය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!

Comments