සිවිල් අයිතිවාසිකම්

“By Any Means” කියන්නේ 2026 දි ආපු ඇමරිකානු historical crime thriller ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කළේ Elegance Bratton. තිරපිටපත Sascha Penn ගේ. Yahya Abdul-Mateen II, Mark Wahlberg වගේම Nicole Beharie, Josh Lucas, David Strathairn, Giancarlo Esposito කියන අය මේකෙ රඟපානවා. 2026 සැප්තැම්බර් 1 පැරාමවුන්ට් ස්ටූඩියෝ එකේදි මුලින්ම පෙන්නපු මේ ෆිල්ම් එක, සැප්තැම්බර් 4 වෙනිදා ඇමරිකාවේ හෝල්වලට ආවා.
ඇත්ත කතාවක් පදනම් කරගෙන හදපු මේ ෆිල්ම් එක පටන් ගන්නේ 1964 ග්‍රීෂ්ම කාලේ මිසිසිපි (Mississippi) ප්‍රාන්තයේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු තුන්දෙනෙක් අතුරුදහන් වෙන සිද්ධියකින්. මේ ගැන ඉක්මනින් හොයලා බලන්න ඕනේ නිසා, FBI ලොක්කා රෝයි කේ. මුවර් (Roy K. Moore) බෘක්ලින් වල ඉන්න දරුණු මාෆියා කාරයෙක් වෙන ග්‍රෙග් ස්කාර්පාව (Greg Scarpa) මේ වැඩේට දකුණට යවනවා. ස්කාර්පා Ku Klux Klansman කල්ලියේ කෙනෙක්ට ගබඩාවක් ඇතුළට දාලා හොඳටම ගහලා, අර මරපු මිනිස්සුන්ව වළලපු තැන හරියටම දැනගන්නවා.
ඊටපස්සේ කතාව යන්නේ 1966 අවුරුද්දේ හැටිස්බර්ග් (Hattiesburg) වලට.

Comments