කෝච්චියක් ඇතුළේ අමරණීයයෙක්

ඔන්න යාළුවනේ, CineSubz අපි අදත් ඔයාලට අරගෙන ආවේ සුපිරිම දමිළ ෆිල්ම් එකකට සිංහල සබ් එකක්. 2026 ඔක්තෝබර් 1 වෙනිදා රිලීස් වුණු මේක, වෙනස්ම විදිහේ කතාවක් බලන්න ආස අයට කියාපු ෆිල්ම් එකක්.
“යේළු කඩල් යේළු මලෙයි (Yezhu Kadal Yezhu Malai) 2026” චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරන්නේ රාම් (Ram) විසින්. මෙහි ප්‍රධාන චරිත වලට නිවින් පෝලි (Nivin Pauly), සූරි (Soori) සහ අංජලී (Anjali) රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු 135 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Action, Romance සහ Sci-Fi/Fantasy කියන ගණයන්ට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත්… මේ කතාව යන්නේ රෑ කෝච්චියක ගමන් කරන සාමාන්‍ය මගියෙක්ව වටා. මැදපෙරදිග ඉඳලා ආපු මේ බයගුලු මගියා, කෝච්චිය ඇතුළේදී නොහිතන විදිහට අමුතුම කෙනෙක්ගේ ග්‍රහණයට අහුවෙනවා. මේ අමුතු මිනිහා කියන්නේ තමන්ට වයස අවුරුදු අටදාහක් වෙනවා කියන අමරණීය කෙනෙක්. කෝච්චියේ යන ගමන් මේ මගියා කරපු එක වැරැද්දක් නිසා, මේ අමරණීය මිනිහා ඔහුව තමන්ගේ හිරකාරයෙක් කරගන්නවා. කෝච්චිය වේගෙන් ඉස්සරහට යද්දී, ඔහු මේ බයගුලු මගියාව දරුණු ජීවන පරීක්ෂණයකට ලක් කරනවා.
මේ අමරණීය මිනිහා ඇත්තටම කවුද? ඔහු මේ මගියාට මොනවා කරයිද?
ත්‍රාසජනක කතාවක් බලන්න කැමති හැමෝටම, CineSubz අපි දෙන මේ සිංහල සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments