නීතියේ සීමාව ඉක්මවා ගිය පොලිස් මෙහෙයුම

2026 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රදර්ශනය ආරම්භ කළ, සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ හෘද සාක්ෂියට තදින්ම කතා කරන අපරාධ සහ අභිරහස් ශානරයට (Crime/Thriller) අයත් සුවිශේෂී සිනමා නිර්මාණයකි.Talvar සහ Raazi වැනි විශිෂ්ට සිනමාපට අධ්‍යක්ෂණය කළ සම්මානනීය අධ්‍යක්ෂිකා මේඝ්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය විනීත් ජේන්, ධවල් ගාඩා සහ ජයන්තිලාල් ගාඩා විසින් නිෂ්පාදනය කර තිබේ. මලයාලම් සිනමාවේ සුපිරි නළු පෘථිවිරාජ් සුකුමාරන් සමඟ බොලිවුඩ් සුරූපිනී කරීනා කපූර් ප්‍රථම වරට ප්‍රධාන චරිතවලින් එක්වන මෙම චිත්‍රපටයේ, ජිතේන්ද්‍ර සහ ක්ෂිතී ජෝග් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. මලයාලම් සහ හින්දි භාෂාවලින් නිකුත් වූ මෙම චිත්‍රපටය මේ වන විට IMDb දර්ශකයේ 6.9/10 ක ඉහළ අගයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.
කුරිරු ලෙස සමූහ දූෂණයට ලක්ව පණපිටින් පුළුස්සා ඝාතනය වන තරුණියගේ අපරාධකරුවන් සෙවීම සඳහා පරීක්ෂණය භාරගන්නා DCP රාමන් කුමාර් දින කිහිපයක් ඇතුළත සැකකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගනී, ඉන්පසුව සිදුවන සිදුවීම් දාමයක් හේතුවෙන් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් පත්කරන විශේෂ විමර්ශන කණ්ඩායමේ ප්‍රධානී DCP අජූනි මේ පසුපස ඇති සැබෑ අබිරහස හාරා අවුස්සන්නට පටන් ගනී සැකකරුවන් අතර 16 හැවිරිදි බාලවයස්කරුවෙකු සිටීම සහ රාමන් කුමාර්ගේ පෙර පැවති සැකකටයුතු වාර්තා හමුවේ මුළු කතාව පුරාම දැඩි කුතුහලයක් ඇති කරයි.
නීතියේ ප්‍රමාදය හමුවේ පොලිසිය නීතිය අතට ගැනීම සාධාරණද යන ගැඹුරු සමාජ කතිකාවතක් නිර්මාණය කරන මෙම ත්‍රාසජනක සිනමාපටය අනිවාර්යෙන්ම නැරඹිය යුතුම නිර්මාණයකි. එසේනම් දැන්ම CineSubz.lk වෙබ් අඩවිය වෙත සිංහල උපසිරැසි සහිත වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින්න කියා ආරාධනා කරමින් අදට සමුගන්නවා.
ජයවේවා!

Comments