Cast
Go Full Cast Pageනොහිතපු අනතුරකින් පටන්ගත්ත භයානක සෙල්ලම...
“සමහර වෙලාවට අපි හිතන පොඩි අනතුරක්, ඊට වඩා ගොඩක් ලොකු භයානක අපරාධයක ආරම්භයක් වෙන්න පුළුවන්. ඇස් පනාපිට පේන දේට වඩා, හැංගුණු ඇත්තක් හොයාගෙන යන කුතුහලයෙන් පිරුණු අලුත්ම බොලිවුඩ් සිනමා සිත්තමකට තමයි අද මේ උපසිරැසිය අරගෙන ආවේ.”
ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) නිකුත් වුණු Crime / Thriller ගණයට අයිති වෙන අලුත්ම හින්දි චිත්‍රපටයක් වෙන Blind Game (2026) චිත්‍රපටයට සිංහල උපසිරැසියක්.
කතාව කෙටියෙන්
සිකන්දර් (Arjun Rampal) කියන්නේ වැඩ තහනමට ලක්වුණු පොලිස් නිලධාරියෙක්. එයා මනාලි වලට යන ගමන් ඉද්දි එයාගේ වාහනේ තරුණයෝ දෙන්නෙක් යන බයික් එකක හැප්පෙනවා. පොඩි තුවාල වුණු එක්කෙනාව (විකී) සිකන්දර් ඉස්පිරිතාලෙට අරන් ගියත්, එකපාරටම එයා ඉස්පිරිතාලෙන් අතුරුදහන් වෙනවා. ඊළඟ දවසේ හොයාගන්න ලැබෙන්නේ සියදිවි නසාගත්තු විදිහට තියෙන විකීගේ මළසිරුර.
බැලූ බැල්මට මේක සාමාන්‍ය සියදිවි නසාගැනීමක් වගේ පෙනුණත්, තමන්ගේ පොලිස් ඉවෙන් සිකන්දර්ට තේරෙනවා මේක සැලසුම් කරපු මිනීමැරුමක් කියලා. මේ මරණය ගැන හාරවුස්සද්දි මේක පිටිපස්සේ රුපියල් කෝටි 5ක හොරකමකුත් ගෑවිලා තියෙනවා කියලා දැනගත්තම, මේක කොයි තරම් භයානක ගේම් එකක්ද කියලා තේරෙන්න ගන්නවා.
චිත්‍රපටයේ සුවිශේෂීත්වය
Sangeeth Sivan අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ Arjun Rampal එක්ක Priyamani, Rohit Chandel වගේ දක්ෂ නළු නිළියන් රැසක් එකතු වෙනවා. තමන්ට අදාළ නැති ප්‍රශ්නෙකට මැදිවෙන පොලිස්කාරයෙක්, තමන්ගේ රැකියාවත් නැතිවෙලා තියෙන වෙලාවක කොහොමද මේ අභිරහස විසඳන්නේ කියන එක තමයි කතාවේ ලොකුම කුතුහලය. බොලිවුඩ් Crime / Thriller කතා බලන්න ආස අයට කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉඳන් අගටම එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.



