ජනපතිගේ ජීවිත සටන

මේක 2026 ඔක්තෝබර් 9 වෙනිදා ඇමරිකාවේදී රිලීස් වුණ සුපිරි ඇක්ෂන් ත්‍රිලර් (Action Thriller) ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Renny Harlin කියන අධ්‍යක්ෂකවරයා වගේම, කතාව ලියලා තියෙන්නේ Umair Aleem විසින්. මුලින්ම මේක අධ්‍යක්ෂණය කරන්න හිටියේ James Madigan වුණාට, පස්සේ 2024 නොවැම්බර් වලදී Renny Harlin මේ වැඩේ භාරගෙන තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුපිරි නළු Samuel L. Jackson සහ Joel Kinnaman. මීට අමතරව Colin Morgan සහ Guy Burnet කියන නළුවනුත් මේකේ රඟපානවා. මේකේ රූගත කිරීම් කරලා තියෙන්නේ 2024 ඔක්තෝබර් මාසයේ කැනරි දූපත්වල (Canary Islands) සහ මැඩ්රිඩ් (Madrid) නගරයේ.
The Beast (2026) ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නේ ඇමරිකානු ජනාධිපති ඔස්කාර් (Samuel L. Jackson) වටායි. වෙනත් රටක පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙලා ඉද්දී, හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් එකපාරටම දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා බරපතල ලෙස තුවාල ලබපු තමන්ගේ ආරක්ෂක නිලධාරියා වන ටාෆ්ට් (Joel Kinnaman) එක්ක, අධි ආරක්ෂිත ජනාධිපති ලිමොසින් රථයට (“The Beast”) නැගලා බේරෙනවා. රියදුරා මිය ගිහින් පණිවිඩ හුවමාරු ක්‍රමත් අවුල් වෙලා තියෙන නිසා ජනාධිපතිවරයාටම වාහනය පදවන්න සිද්ධ වෙනවා වගේම, මේ සන්නද්ධ රථයේ තියෙන අධි තාක්ෂණික රහසිගත ආයුධ පාවිච්චි කරලා කුලී හේවායන්ට පහර දෙමින් තමන්ගේ නිලධාරියාව බේරගන්නත්, බිරිඳව හොයාගෙන මේ කුමන්ත්‍රණය පරාජය කරන්නත් ඔහු කරන සටන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

Comments