සත්‍යයේ වෙස් මුහුණු..

නිහඬ ගම්මානයක සිදුවුණු අභිරහස් මිනීමැරුමක් ගැන තොරතුරු සොයා යන තරුණ මාධ්‍යවේදියෙක් වන ආභාස්ට, මියගිය පුද්ගලයාගේ බිරිඳ වන මායා ගැන එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා තුනක් අහන්න ලැබෙනවා. එක්කෙනෙක් කියන්නේ ඇය දරුණු හිංසනයට ලක්වුණු අසරණ කාන්තාවක් කියලා. තවත් කෙනෙක් ඇයව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් විදිහට හඳුන්වනවා. තුන්වැනියා කියන්නේ ඇයත් සැමියාත් සතුටින් ජීවත් වුණු යුවළක් කියලයි.
එකම සිදුවීම ගැන මෙතරම් වෙනස් කතා ඇහෙද්දී, ඇත්ත කතාව මොකක්ද කියලා හොයාගන්න ආභාස්ට සිද්ධ වෙනවා. හැමෝම තමන් දන්න ඇත්ත කියනවාද? නැත්නම් හැමෝම යමක් සඟවනවාද?
එකම සිදුවීමක්… කතා තුනක්… ඒත් ඇත්ත තියෙන්නේ කොතැනද?

Comments