ප්‍රයිම්ටයිම්

A24 වලින් මේ අවුරුද්දෙ Release කරපු Primetime නිකම්ම චිත්‍රපටයකට වඩා එහා ගිය, මාධ්‍ය සදාචාරය සහ මිනිස් මනසේ අඳුරු පැතිකඩ ගැන කතා කරන නිර්මාණයක්…
මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ ඉස්සර ලෝකෙම කතාබහට ලක් වෙච්ච ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වන To Catch a Predator නිර්මාණය වූ ආකාරය සහ එහි ඇතුළාන්තය මත. රූපවාහිනී ප්‍රචාරණය සහ ජනප්‍රියත්වය වෙනුවෙන් මිනිසුන් කොච්චර දුරක් යයිද, නීතිය සහ යුක්තිය ඉටුකරන මුවාවෙන් මාධ්‍ය මගින් සිදුකරන මානසික පීඩනයන් සහ එහිදී සිදුවන දූෂණ මේක හරහා කතා කරනවා.
Robert Pattinson මෙහි ප්‍රධාන චරිතය වන Chris Hansen රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Merritt Wever, Lynn Keller ලෙසද, Skyler Gisondo, Dan Plum ලෙසද මේකෙ සෙසු චරිත වලට සම්බන්ධ වෙලා ඉන්නවා…
මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රසිද්ධ Documentary නිර්මාතෘවරයෙක් වන Lance Oppenheim විසින් වන අතර, මෙය ඔහුගේ Feature Debut එක වෙනවා. මීට පෙර ඔහු කළ Ren Faire සහ Some Kind of Heaven වැනි Documentaries පැසසුමට ලක් වෙලා තියෙනවා…

Comments