Cast
Go Full Cast Pageපැහැරගත් කුමරිය සොයා
අද මම අරගෙන ආවේ 2024 වසරේ නිකුත් වුණු, අපූරු ඇනිමේෂන් (Animation) චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. කතාවේ නම තමයි Rebellious (2024). Alex Tsitsilin විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Animation / Adventure / Comedy / Fantasy / Family ගණයට තමයි අයිති වෙන්නේ. IMDb අගය 6/10ක් ගන්නත් සමත්වෙලා තියෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය තමා, නිර්භීත කුමරියක් වන ‘මීනා’ . එයා සාම්ප්‍රදායික නීති කඩ කරලා තමන්ගේ සහකාරයා විදිහට තෝරාගන්නේ පොත්පත්වලටම බර, කඩුවක්වත් අතින්වත් අල්ලලා නැති බුද්ධිමත් තරුණයෙක් වෙන ‘රොනාන්’ව. රජතුමානම් මේකට එච්චර කැමති නෑ. හැබැයි මංගල උත්සවය පටන් ගන්නවත් එක්කම, දුෂ්ට මායාකාරයෙක් වන Kezabor මීනාව පැහැරගෙන යනවා. ඉතිං කුමරියගෙ පියා වන රජතුමා කියනවා, කුමරියව හොයාගෙන එන ඕනෙම කෙනෙක්ට මීනව කසාද බන්ඳලා දෙනවා කියලා..
අනික් කුමරිකාවො වගේ අඬ අඬා බේරගන්නකන් ඉන්නේ නැතුව, මීනා කොහොමහරි බේරෙන්න ක්‍රමයක් හොයමින් ඉද්දී. සටන් ගැන මෙලෝ දැනුමක් නැති රොනාන්, තමන්ගේ ආදරණීය කුමරියව බේරගන්න බුද්ධිය විතරක් පාවිච්චි කරලා අද්භූත වනාන්තර, අනික් තරඟකාරයෝ සහ රාක්ෂයන් පිරුණු භයානක ගමන ආරම්භ කරනවා. ඉතින් රොනාන්ට මීනව බේරගන්න පුලුවන් වෙයිද? ඔයාලම බලන්න්කෝ……
මාරම ලස්සන visual animation, තව හිනාවෙන්න පුළුවන් හාස්‍යජනක සිදුවීම් නිසා මේ චිත්‍රපටය, කුඩා ලොකු හැමෝටම සැහැල්ලුවෙන් බලන්න පුළුවන් පට්ටම ඇනිමේෂන් ෆිල්ම් එකක්.







