ආදරේ හීනවලට බාධාවක් වෙයිද?

අද මම ගෙනාව 2024 අවුරුද්දෙ කල එලි බැහැපු රසිකයො අතරේ ලොකුවට ප්‍රසිද්ධ නොවුණත් හරි ආසාවෙන් බලන්න පුලුවන් ලස්සන Underrated ආදර කතාවක් ගැන. ඇත්තම කතාව ගත්තොත් මේක ගොඩක් අයට බලන්න අතපසු උනා කිව්වොත් මං නිවැරදි. ඒකට හේතුවක් විදිහට මං දකින්නෙ මේක release කරපු Tubi streaming platform එක දැනට සීමිත රටවල් ගනනක විතරක් තියෙන එක. මේක 2020 අවුරුද්දේ ඉදන් Fox Corporation යටතේ තමයි තියෙන්නෙ.
හරි ඉතින් ඒ කතා එහෙම වෙද්දි මේ චිත්‍රපටිය දිහාවට අවදානෙ යොමු කරනකොට පේන්නෙ මේක ගොඩක් තරුණ ප්‍රජාව මේ දවස්වල ආසාවෙන් රසවිඳින School Romance ශානරයේ එකක් කියල. ගොඩ දෙනෙක් off campus වගේ සීරීස් බලල මේ genre එකට ආකර්ශනේ උනා කිව්වොත් වැරදි නැ.
මේකෙ රොමැන්ස් විතරක් ම නෙවේ එකිනෙකා අතර තියෙන friendships, relationships වගේ දේවල් ගැනත් කතා කරනව. ගොඩක්ම මේ දේවල් ප්‍රශ්නවලදි බිඳගන්නෙ නැතුව continue කරගෙන යන හැටි මේ කතාව අපිට කියල දෙනවා.
ආ.. කියන්න අමතක උනා මේක ගොඩක් අපේ කාන්තා පාර්ශවය හරි හරියට කියවන Wattpad නවකතාවක් මූලික කරගෙන ගලාගෙන යන්නෙ. හෝව් හෝව් Wattpad කතාවලට ආස නැති අය මේක නොබල ඉන්නත් එපා මොකද Tay Marley ලියපු මේකෙ ප්‍රධාන කතාවට හානියක් වෙන දේවල් අඩංගු නැ.
imdbලගෙ පැත්තෙන් 5.7 ක හොඳ අගයක් හම්බෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරල Justin Wu විසිනුයි. මේකෙ කාස්ට් එක විදිහට ඉන්නෙ නවක නළු නිළියන් දෙදෙනෙක්. ඩ්‍රේටන් ලේහි විදිහට Noah Beck සහ ඩලස් බ්‍රයන් චරිතය Siena Agudong විසින් ඉදිරිපත් කරනවා. නෝආ අපිට ඉදිරියෙදි නිකුත් වෙන්න තියෙන baywatch සීරීස් එක හරහා බලාගන්න පුලුවන්. සියේනාවත් අපිට මැතකදි නිකුත් උන Carrie සීරීස් එකේ බලාගන්න පුලුවන්.
මේකේ දෙවෙනි කොටසටත් මං සිංහල උපසිරැසිය ඉක්මනින් ම අරගෙන එනවා. ඒකත් අවසන් අදියරේ තමා තියෙන්නෙ. එහෙනම් බයිස්කෝප්වාසී සියලු දෙනාටම මං ආරාධනා කරනව මේ සලෙරුවත් බලල රසවිදින්න කියලා. ජයවේවා…

Comments