ලස්සනට රැවටෙන්න එපා

ආයුබෝවන් යාළුවනේ, CineSubz අඩවියට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ආවේ අලුත්ම දෙමළ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්.
2026 ඔක්තෝබර් 16 වෙනිදා නිකුත් වුණු මේ චිත්‍රපටය අද්භූත දේවල් එක්ක විද්‍යා ප්‍රබන්ධ එකතු වුණු වෙනස්ම විදියේ කතාවක් බලන්න කැමති අයට කියාපු ෆිල්ම් එකක්.
“ඩ්‍රෝන්ස් (Drones) 2026” විදියට නම් කරලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ රාඝව් මිර්දාත් (Raghav Mirdath) විසින්. ප්‍රධාන චරිත වලට සිද්ධි ඉඩ්නානි (Siddhi Idnani), ද්‍රවිඩ් සෙල්වම් (Dravid Selvam), දේවදර්ශිනී චේතන් (Devadarshini Chetan), ආර්ජේ දීපක් (RJ Deepak), මොහොමඩ් කුරේෂි (Mohamed Kuraishi), අංජලී ප්‍රභාකරන් නායර් (Anjali Prabhakaran Nair), සිනමාවාලා සතීෂ් (Cinemawala Sathish) සහ ශර්වේෂ් (Sharvesh) රංගනයෙන් දායක වෙනවා. විනාඩි 152ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක Sci-Fi, Thriller ගණයට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත්… කිෂෝර් (Kishore), රශ්මිකා (Rashmika) සහ දුෂ්‍යන්ත් (Dushyanth) කියන්නේ හොස්ටල් එකෙන් එළියට දාපු විශ්වවිද්‍යාල ළමයි තුන්දෙනෙක්. යන්න තැනක් නැති මේ තුන්දෙනා පද්මනාභන් (Padmanabhan) කියන අමුතු විද්‍යාඥයෙකුගේ මන්දිරයකට යනවා. එහේ ඉඳන් ඩ්‍රෝන් එකක් යවන කිෂෝර්ට ඈත මන්දිරයක ඉන්න ප්‍රකෘති (Prakruthi) කියන ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්ව දකින්න ලැබෙනවා. රශ්මිකා තමන්ට ආදරේ කරනවා කියලා නොදන්න කිෂෝර් මේ අලුත් ගෑනු ළමයාගේ ලස්සනට රැවටිලා එයාට ආදරේ කරන්න ගන්නවා. ඒත් ඇත්තටම ප්‍රකෘති කියන්නේ තමන්ට ආදරේ කරන්න එන පිරිමි අයව බෝනික්කන් බවට පත් කරන අද්භූත යක්ෂණියක්.
කිෂෝර්ට මේ යක්ෂණියගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මිනීමරුවෙක් හොයාගෙන මේ මන්දිරයට එන පොලිස් පරීක්ෂකවරයාට මේ අද්භූත දේවල් එක්ක මොනවා කරන්න වෙයිද?
ත්‍රාසජනක වගේම අද්භූත කතා බලන්න ආස ඔයාලා හැමෝටම සිංහල උපසිරැසිය එක්ක මේ ෆිල්ම් එක බලන්න කියලා අපි ආරාධනා කරනවා.

Comments