අදෘශ්‍යමාන ඝාතකයාගේ බිහිසුණු සෙල්ලම!

සුබ දවසක් වේවා! අද මම අරගෙන ආවේ IMDb 8.9/10 (මනාප 2,258) ක් වැනි ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත්, 2026 වසරේ තිරගත වූ අතිශය ත්‍රාසජනක තෙළිඟු අපරාධ සහ අභිරහස් (Crime/Suspense Thriller) චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසිය නිමාණයක්. Prashvitha Entertainment වෙනුවෙන් Nalla Sasidhar විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Shree Tej SK (Srikanth Kandragula) විසින්. මීට පෙර Bizzare Encounters (2017) චිත්‍රපටයෙන් සම්මාන දිනා ගනිමින් Tantiram (2023) සහ Soothravakyam (2025) වැනි සාර්ථක නිර්මාණ සඳහා දායක වූ ඔහුගේ තවත් විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Bad Girlz (2025), Brat (2025) සහ Amrutanjan (2026) වැනි චිත්‍රපට හරහා ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනී Payal Chengappa විසිනි. ඊට අමතරව Rangasthalam, DJ Tillu, Balagam සහ Tillu Square වැනි දැවැන්ත තෙළිඟු සිනමාපටවලින් ප්‍රේක්ෂක ආදරය දිනූ ප්‍රවීණ නළු Muralidhar Goud සමඟින් Dev D, Aman Masud, Charishma Dabbara, Abilash Adda සහ Janu Varma යන පිරිස මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
කතාව දෙසට හැරුණොත්, හයිද්‍රාබාද් නගරයේ බැංකුවක අවංක සේවිකාවක් ලෙස කටයුතු කරන මයුඛා, තම මහල් නිවාසයේ තනිවම ජීවත් වන තරුණියක්. නගරයේ තනිව වෙසෙන තරුණියන් ඉලක්ක කරගනිමින් සිදුවන බිහිසුණු දාම ඝාතන රැල්ලක් අතරතුර, මයුඛාටද තම නිවස තුළ කිසියම් අදෘශ්‍යමාන පුද්ගලයෙකු සිටින බවටත්, රාත්‍රී කාලයේ කිසිවෙකු තම දොරට තට්ටු කරමින් තමන් පසුපස හඹා එන බවටත් දැඩි බියක් දැනෙන්නට පටන් ගන්නවා. තමාගේම නිවස තුළ තමාටත් නොදැනී සැඟවී සිටිමින් තමාව ගොදුරු කරගැනීමට මාන බලන මේ මාරයාගෙන් ගැලවීමට ඇයට හැකිවේද? මයුඛාගේ අතීතය කුමක්ද?
ඉතින්, අනපේක්ෂිත හැරවුම් රැසකින් සමන්විත මෙම සුපිරි තෙළිඟු ත්‍රාසජනක සිනමාපටයේ සිංහල උපසිරැසි සහිත වීඩීයෝව දැන්ම Cinesubz.lk වෙබ් අඩවියට පිවිස ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳින මෙන් ආරාධනා කර සිටිනවා.
ජයවේවා!

Comments