Cast
Go Full Cast Pageජය පරාජය නොලියවුණු, තාරුණ්‍යයයේ තණපිටිය
සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වෙන යුධ චිත්‍රපටිවලට හැමෝම ගොඩක් ආසයි… ඉතින් 2026 වසරේ නිකුත් වුණු The Mosquito Bowl කියන්නෙත් අන්න ඒ වගේ හදවතට තදින්ම දැනෙන විශිෂ්ට සිනමා නිර්මාණයක්… Buzz Bissinger විසින් රචිත “The Mosquito Bowl: A Game of Life and Death in World War II” ග්‍රන්ථය පාදක කරගෙන මෙම චිත්‍රපටිය නිර්මාණය වී ඇත… Lone Survivor, Patriots Day වැනි සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Peter Berg ගේ තවත් අතිවිශිෂ්ට අධ්‍යක්ෂණයක් වන මෙය, War / Sports Drama ගණයට අයත් වෙනවා… Nicholas Galitzine, Bill Skarsgård, Ray Nicholson වැනි දක්ෂ නළු පිරිසක් මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා…
කතාව මෙහෙමයි… 1944 වසරේ දෙවන ලෝක යුද්ධය දරුණුවටම ඇවිලෙමින් තිබෙන කාලයයි. ජපානයට එරෙහිව දියත් කිරීමට නියමිත බිහිසුණු “ඔකිනාවා” (Okinawa) ආක්‍රමණයට පෙර, ඇමරිකානු මැරීන් භටයින් පිරිසක් ගුවාඩල්කැනල් (Guadalcanal) දූපතේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටිනවා. මේ භටයින් අතර ඇමරිකාවේ විශ්වවිද්‍යාල මට්ටමේ අතිදක්ෂ පාපන්දු (American Football) ක්‍රීඩකයින් රැසක්ද සිටිනවා. යුද්ධයේ පීඩනය සහ මරණය පෙනි පෙනී තිබෙන මොහොතක, 1944 නත්තල් දාට පෙර දින මොවුන් මඩ වගුරක් සහ මදුරුවන්ගෙන් පිරුණු පිට්ටනියක ඓතිහාසික පාපන්දු තරගයක් සංවිධානය කරනවා. පසුකාලීනව “Mosquito Bowl” ලෙස ඉතිහාසගත වන්නේ මේ තරගයයි… නමුත් ඔවුන් දන්නේ නැහැ මේ තමන්ගේ ජීවිතයේ අවසන් ක්‍රීඩා තරගය විය හැකි බව… තරගයෙන් පසු ඔකිනාවා සටන් බිමට යන මේ තරුණ ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදුවන බිහිසුණු ඉරණම කුමක් වෙයිද..? මේ මිතුරන් අතරින් කී දෙනෙකුට නැවත පණපිටින් ගෙදර එන්න ලැබේවිද..? ඔවුන්ගේ මේ ඓතිහාසික තරගය ඉතිහාසයේ සදාකාලික මතකයක් වන්නේ කෙසේද…?
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇති නිසාම මෙම චිත්‍රපටියේ අවසානය ඔබව නිසැකවම සංවේදී කරනවා වගේම හදවත කම්පනයට ලක්කරන බව නොඅනුමානයි… යුද්ධයේ කුරිරු බව වගේම තරුණ ජීවිතවල තිබෙන බැඳීම්, කැපකිරීම් ඉතාමත් තාත්විකව මේ තුළින් පෙන්වා දී තිබෙනවා…











