EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

5000 people, 17 countries, 1 miracle that united the world.

Thirteen Lives (2022) Sinhala Sub
Thirteen Lives (2022) Sinhala Subtitle
Thirteen Lives (2022) Sinhala Subtitles

000


මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් නෙමෙයි පැය දෙකහමාරක් පුටුවෙන් නැගිටින්නේ නැතුව බලන්න පුලුවන් පිස්සු හැදෙන ෆිල්ම් එකක්. ඒකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. ඔයාලට මතකද 2018 වර්ෂයේ මුළු ලෝකෙම අවධානය දිනාගත් ඒ සිදුවීම.

2018 ජුනි මාසයේ උතුරු තායිලන්තයේ චියැං රායි පළාතේ තාම් ලුආන්ග් නන්ග් නොන් ගුහාවට පිරිමි ලමුන් දොළොස් දෙනෙකුගෙන් යුත් පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු, ඇතුළු වෙනවා. මෙයාලා ඇතුලට ගිහින් ටික වේලාවකට පසු ධාරානිපාත මෝසම් වැසි ඇද හැලීමට පටන් ගන්නවා. කන්ද මුදුනට මුදුනට පතිතවන එම ධාරාණිපාත දියදහරා ටිකෙන් ටික කන්ද ඇතුලට ඇවිත් මේ ගුහාවේ ජල මට්ටම ඉහල යාමට පටන් ගන්නවා. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ගුහාවේ ඇතුලත දැඩි අඳුරු ස්ථානයක මේ පුහුණුකරු ඇතුළු සිසුන් දහ දොලොස් දෙනා සිර වෙනවා. නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් කෝප වූ සොබාදහමේ හිරිහැරත් විඳිමින් ලෝකයෙන්ම එකතුවුණු අති දක්ෂ කිමිදුම් කරුවන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ස්වෙච්ඡා සේවකයන් සමග තායි හමුදා නිලධාරීන් ඇතුළු ධෛර්යවන්ත මිනිසුන්ගේ මුදා ගැනීමේ මෙහෙයුමයි මේ.

මෙම ගලවා ගැනීමේ ප්‍රයත්නයට කිමිදුම්කරුවන් 100කට වැඩි පිරිසක්, ගලවා ගැනීමේ සේවකයින් විශාල සංඛ්‍යාවක්, රාජ්‍ය ආයතන 100ක පමණ නියෝජිතයන්, පොලිස් නිලධාරීන් 900ක් සහ සොල්දාදුවන් 2,000ක් ඇතුළු 10,000කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. පොලිස් හෙලිකොප්ටර් 10 ක්, ගිලන් රථ හතක්, කිමිදුම් සිලින්ඩර 700 කට වැඩි ප්‍රමාණයක් සහ ගුහාවලින් ජලය ලීටර් බිලියනයකට වඩා පොම්ප කිරීම අවශ්‍ය විය.

මෙසේ සිදුවුනු ලෝකයේ අති විශිෂ්ටතම ගලවා ගැනීමේ මෙහෙයුම විශිෂ්ට සිනමා නිර්මාපකයකු වන “Ron Howard” විසින් සිනමාවට නැඟූ අතර එය IMDb දර්ශකයේ 7.8ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 88%ක අගයක් වාර්තා කිරීමට සමත් විය.

එහෙමනම් මෙම විශිෂ්ට සිනමා නිර්මාණය බලන්න සියලු දෙනාටම ආරාධනා කරනවා. මම කිව්ව වගේ මේක ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්ම් එකක් මිස් කරගන්න නම් එපා ඒ වගේම ෆිල්ම් එකඑක ඉවර වෙලා අන්තිමට නම් යන ටිකේ ඇහෙන Thai සින්දුවත් පොඩ්ඩක් අහලා බලන්න අමුතුම ෆීලින් එකක් එනවා. එහෙනම් හැමෝටම ජය වේවා!

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම Baiscopelk.com අඩවියේ සුපුන් නිරෝෂන් (නීරෝ) විසිනි

Comments

October 18, 2025

❤️