EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Urvasi (2022) Sinhala Sub
Urvasi (2022) Sinhala Subtitle
Urvasi (2022) Sinhala Subtitles

Urvasi (2022)


මේක කෙටි චිත්‍රපටියක්.. හැබැයි ඉතින් කෙටිත් නැහැ පැයක් තියෙනවා කතාව.. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ කරන්නේ මේ වෙද්දී අන්තර්ජාලය තුල ලොකු කතා බහකට ලක්වෙලා ඉන්න “රේඛා නයර්” ඇත්තටම එයා මුලින්ම කතා බහකට ලක් උනේ ඇයි කියනවා නම් ඒකට ලොකුම හේතුව මේ වෙද්දි සිනමාශාලා වල තිරගත වෙන “ආර්. පාර්තිපන්ගේ – ඉරවින් නිලල්” කියන චිත්‍රපටියේ රේඛා නිරුවත් දර්ශනයක් කරනවා.. ( අඩ නිරුවත් ) ඉතින් ඒ දර්ශනය ගැන දෙමල චිත්‍රපටි චිචාරකයෙක් වෙන “බයිල්වාන්” රේඛා ගැන ඇය රඟපාපු අඩ නිරුවත් දර්ශනය ගැන ඉතා පහත් විදිහට කතා කරනවා.. ඉතින් ඔහොම යද්දී පස්සේ බයිල්වාන් ජොගින් යන වෙලාවක රේඛා බයිල්වාන්ව අල්ලගෙන හොඳට ඩයල් එකට බැනලා ගහන්න එහෙම ගිහින්.. මම කොහොම රඟපෑවත් උඹට මොකෝ මම උඹේ ගෑනිද? ” ඔන්න ඔය වගේ අමුතු ආතල් ගොඩක් ගියා..” ඔන්න ඕවා නිසා තමයි “රේඛා නයර්” ගැන මේ වෙද්දී කතාබහක් යන්නේ අන්තර්ජාලයේ..

හරි එහෙනම් මේ කතාව පැත්තට යමු..

මේ කතාවේ තියෙන්නේ කසාද බැඳලා ඒත් සැමියා එක්ක දික්කසාද වෙලා තම දියණිය එක්ක තනිවම ඉන්න එක් කාන්තාවක් ගැන තරුණ වයසේ කොල්ලෙක්ට ආසාවක් ඇති වෙනවා.. ඇත්තටම ආසාවක් ඇති වෙනවා කියන්නේ ආදරයක් නෙවෙයි, ඇන්ටිලට ආස කරන චරිත ඉන්නේ අන්න ඒ වගේ.. හැබැයි යන්න යන්න කොල්ලා මේ කාන්තාවට තියෙන ආසාව වැඩි වෙනවා.. එහෙම යනකොට මේ දෙන්නගේ හිතවත්කමක් ඇති වෙනවා.. ඉතින් එයාලා පස්සේ නිතර නිතර හම්බුවෙනවා.. කොල්ලා ඒ කාන්තාවව බලන්න රෑට ගෙදර යනවා.. ඉතින් කතාව ඔන්න ඔහොම තමයි යන්නේ.. ඉතින් ඔහොම ගිහින් ගිහින් අවසානේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..

හැබැයි මේකේ මේ වගේ දෙයක් තියෙනවා..

* කසාද බැඳලා දික්කසාද වෙච්ච ගෑනු කෙනෙක් තනියෙන්ම ඉන්න ඕනෙද?
* සමාජේ අරක කියයි මේක කියයි ගගා බයෙන් තමන්ගේ ආසාවන් යට කරගෙන ජිවත් වෙන්න ඕනෙද?
* තරුණ වයසේ කොල්ලෙක් වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?
* ආසාව ආදරයකට පෙරෙලෙන්න බැරිද?

මේ වගේ හුඟක් හිතන්න තැන් වගයක් මේකේ තියෙනවා..

ආ කියන්න අමතක උනා.. ” මේ කතාව ඇන්ටි ලවර්ස්ලා වෙනුවෙන්මයි.. “
( අපි නෑ ඕවට )

 

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineru වෙබ් අඩවියේ නාරා විසිනි

Comments