EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Orphan: First Kill (2022) Sinhala Subtitles | මහා විපතක මූලාරම්භය! | සිංහල උපසිරැසි සමඟ
Director:Bob Warwick, Michelle Fitzpatrick, William Brent Bell
Cast
Go Full Cast PageThere's always been something wrong with Esther.
Orphan: First Kill (2022) Sinhala Sub
Orphan: First Kill (2022) Sinhala Subtitle
Orphan: First Kill (2022) Sinhala Subtitles
Orphan: First Kill (2022
ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් නෑ. මොකද කිව්වොත් මේකෙ පලවෙනි චිත්‍රපටය සුපිරිම මට්ටමේ Horror චිත්‍රපටයක්. ඒ නිසා මේක බලලා ඒක ස්පොයිල් කරගන්නෙ නැතුව ඒක අනිවාරෙන් බලලා ඉන්න. මේක නිකුත් වෙන්නෙ 2022 අගෝස්තු 19 වෙනිදා. මේ වෙනකොට IMDb 6.1 සහ කුණු තක්කාලි 68% අගයක් ලබා ගැනීමට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරන්නේ William Brent Bell විසින්. ඔහු අධ්‍යක්ෂනය කරපු තවත් චිත්‍රපට ගැන කියනවා නම් The boy (2016), Brahms:The Boy II (2020), Separation (2021) වැනි චිත්‍රපට ගන්න පුළුවන්. තවද මෙයට රංගනයෙන් දායක වෙනවා Isabelle Fuhrman/ Julia Stiles/ Matthew Finlan/ Rossif Sutherland වැනි අය.
මේ චිත්‍රපටයෙ කතාව ගැන කිව්වොත් (පලවෙනි චිත්‍රපටය බැලුවෙ නැත්තම් මේක කියවන්න එපා), මේකෙ තියෙන්නෙ ලීනා කොහොමද එස්තර් වෙන්නෙ කියන කතාව ගැන. කලින් චිත්‍රපටය බලපු අයට මතක ඇති එස්තර් කියන්නෙ අනාත දරුවෙක්, තමන්ගෙ ගෙදර ගිනිබත් වෙලා තමන්ගෙ පවුලෙ අයව නැතිවෙච්ච කෙනෙක්. ඉතින් ඇත්තටම කොහොමද ඒක වුණේ? හරි මෙහෙම කියන්නම්කො ලීන කියන්නෙ සාර්න් කියලා මානසික රෝහලක ඉන්න දරුණුම රෝගියෙක්. ඒ රෝහලේ අය ලීනට වැඩි සැලකිල්ලක් දක්වනවා මොකද ඇය පැනල යන්න නොකරන දෙයක් නැතිනිසා. ඉතින් දවසක් ලීන එතනින් පැනල යන්න සමත් වෙලා නගරෙට ගිහින් නැතිවුණ ලමයි ගැන විස්තර බලනවා. බලද්දි හම්බෙනවා එයා වගේම පෙනුමක් තියෙන එස්තර් කියලා ලමයෙක් ඇමරිකාවෙදි අතුරුදහන් වෙලා කියලා. ඉතින් මෙයා එස්තර් කියලා බොරු කියලා ඒ ගෙදරට ඇතුල් වෙනවා. ඉතින් ඒ ගෙදර ඉන්නේ ඇලන් සහ ට්‍රිසියා කියල දෙපලකුයි එයාලගෙ පුතා ගුනාරුයි. එස්තර් කියන්නේ ඒ පවුලෙ නැතිවුණ බාල දරුවා. දැං කොහොම හරි ලීන මේ ගෙදරට ගිහින් එස්තර් වගේ රඟපානවා. ඒ ගැන ට්‍රිසියාට සැක හිතෙනවා. ඒත් ගනං ගන්නෑ ඇය අවුරුදු හතරක්ම අතුරුදහන් වෙලා හිටපු නිසා. මොකද පොඩි ලමයෙක්ට අවුරුදු හතරක් ගෙදරින් පිට ඉන්නවා කියන්නෙ දුෂ්කර කටයුත්තක් නිසා. ඉතින් මෙතැන් පටන් මොනව වෙයිද, එස්තර් මොනව කරයිද මේ පවුලෙ අයට? කොහොමද හරිම එස්තර් නැතිවුණේ? ඒවට උත්තර මේ ෆිල්ම් එක බලලාම දැනගන්න පුළුවන්.
මං වැඩිය කියන්න යන්නෑ මොකද කතාවෙ රසය නැතිවෙන නිසා. පලවෙනි චිත්‍රපටය බැලුවනම් අනිවාරෙන් මේකත් බලන්න. කිසිම පාඩුවක් නෑ. ඔයාල හිතන් ඉන්නව වගේ හොඳ සිත් ඇදගන්නාසුළු කතාවක් මේකෙදිත් බලාගන්න පුළුවන් වෙයි.











