CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7922 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි සමඟ

Jul. 27, 2022United States105 Min.
Your rating: 0
0 votes
Sit, stay, save the world.

DC League of Super-Pets (2022) Sinhala Sub
DC League of Super-Pets (2022) Sinhala Subtitle
DC League of Super-Pets (2022) Sinhala Subtitles

DC League of Super-Pets (2022)


පිරි වීරයන්ව නම් හැමෝම අඳුරනවානෙ. අපි DC කොමික් ගැන කතා කරද්දි සුපර් මෑන්, බැට් මෑන්, ‍ෆ්ලෑෂ්, ඇක්වා මෑන් එතකොට ග්‍රීන් ලැන්ටර්න් එහෙම ප්‍රධාන වශයෙන් මතක් කරන්න පුලුවන්. ඔව් ඔව් තව කන්දරාවක්ම ඉන්නවා තමයි, කියන්න ගියොත් ලිපිය ගොඩක් දික් වෙන නිසා මෙතනින් නවත්තමු. ‍? හරි ඉතින්, මෙයාලා Justice League එහෙම නැත්නම් යුක්තියේ ලීගය කියන කණ්ඩායමේ සාමාජිකයන්. ඔයාලා ජස්ටිස් ලීග් ගැන නොදන්නව නම් අපි උපසිරැසි දීලා තියෙන කතා මාලා සහ චිත්‍රපටි බලලා දැනගන්න පුලුවන්.

ඉතින් අපි දැනගෙන හිටිය තරමින් අපේ ජස්ටිස් ලීග් සාමාජිකයො කාටවත් සුරතල් සතුන් නැහැනෙ. හැබැයි අපි මෙච්චර කල් හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා මේ චිත්‍රපටය බලද්දි දැනගන්න පුලුවන්. කොමික් ඉතිහාසය දිහා විපරම් කරලා බැලුවොත් මේ සුපිරි සුරතලුන් කණ්ඩායම Legion of Super-Pets විදිහට තමයි හඳුන්වල තියෙන්නෙ. 1962 වසරෙ පෙබරවාරිවල නිකුත් වුණ Adventure Comics #293 කියන කලාපයෙන් තමයි Legion of Super-Pets මුල් වතාවට අපිට හඳුන්වලා දෙන්නෙ. ඒ කණ්ඩායම පදනම් කරගෙන තමයි League of Super-Pets හැදිල තියෙන්නෙ. සාමාජික සුරතල් සත්ව සාමාජිකයන්ගෙ යම් යම් වෙනස් කම් එහෙමත් සිද්ධ වෙලා තියෙනවා මේක මේ චිත්‍රපටයට එද්දි. ඒ අඩු වැඩිවීම් හෝ සමානකම් ගැන කතා කරන්නෙ නම් නැහැ වැඩි අදාළත්වයක් නැති නිසා. විකිපීඩියා එකේ Legion of Super-Pets පිටුවෙන් ඒ කණ්ඩායමේ හිටිය සාමාජිකයන් ගැන දැනගන්න පුලුවන්.

හොඳයි අපි මේ චිත්‍රපටයේ කතාව ගැන පොඩි අවධානයක් දෙමුකො. කතාව පටන්ගන්නේ ක්‍රිප්ටෝන් ලෝකය විනාශ වෙන්න යන නිසා පුංචි සුපර් මෑන් බබාව එයාගේ අම්මයි තාත්තයි කුඩා යානයකට දාන තැනින්. මේ සිද්ධිය අපි හැමෝම වගේ දන්න සිද්ධියක් හැබැයි අපි නොදන්න දේ දැනගන්න පටන්ගන්නෙ මෙතනින්. ? ක්‍රිප්ටෝ කියන්නෙ එයාලගේ පවුලේ හුරතල් බලු පැටියා. මේ බලු පැටියාත් කොහොමින් කොහොම හරි මේ කුඩා යානය ඇතුළට පැනගන්නවා. ඉතින් අපි දන්නවානෙ අවදානයේ මේ දෙන්නා කඩා වැටෙන්නෙ කොහෙටද කියලා, පෘතුවියට තමයි. ඉතින් කැල්-එල් නොහොත් සුපර් මෑන්ට වගේම ක්‍රිප්ටො නොහොත් සුපර් ඩෝග්ටත් සූර්යාගේ බලපෑම මත සාමාන්‍ය ඉක්මවූ බලයන් හිමි වෙනවා.

කැල් එල්ගෙ හොඳම යාළුවා වෙන්නෙ ක්‍රිප්ටෝ. ක්‍රිප්ටෝගේ හොඳම යාළුවා වෙන්නෙ කැල් එල්. ඔහොම කාලයක් දෙන්නා සතුටින් ඉන්නවා. හැබැයි තරුණ වයසට එද්දි අපෙ සුපර් මෑන්ට ලොයිස් ලේන් කියන එයාගේ සැබෑ ආදරය මුණගැහෙනවා. ඔන්න ඔතනදි තමා කතාවෙ හැරවුම් ලක්ශය වෙන්නෙ. ක්‍රිප්ටෝ‍ට මේක අවුල්. මොකද ක්‍රිප්ටෝ හිතාගෙන ඉන්නෙ සුපර්මෑන්ගේ ආද‍රය සහ සැලකිල්ල ලබන්න ඕණ එකම කෙනා තමන් විතරයි කියලා. අනික ක්‍රිප්ටෝ කියන්නෙ යාළුවො නැති කෙනෙක්. ඒකට හේතුව එයාගේ තියෙන අහංකාරකම. ඉතින් ලොයිස් කැල් එල්ට ‍යෝජනා කරනවා ක්‍රිප්ටෝටත් අලුත් යාළු‍වෙක් හොයලා දෙමුයි කියලා. දැන් ඉඳලා ඉතින් අරගල සහ ආරවුල් තමයි ඉතින්.

ලොකුම ආරවුල මේක නෙමෙයි. හුරතල් සතුන් විකුණන සාප්පුවක වෙන‍ දේයි… අහලා තියෙනවද සුපර් මෑන්ගේ පරම සතුරා ලෙක්ස් ලූතර් ගැන? වැඩේ කියන්නෙ මේ මිනිහා සහ මෙයාගේ සුරතලා කියාගන්න සතාත් මේ අරවුලටත් හවුල්. League of Super-Pets නොහොත් සුපිරි සුරතලුන්ගේ ලීගය කියන කණ්ඩායමේ එකතු වීමත් මේ චිත්‍රපටයෙන් දැකබලාගන්න පුලුවන්.

ලිපිය දිරවන්නෙ නෑ වගේද? එහෙනම් කොයිකටත් ට්‍රේලර් එක බලලා ඉන්න. මොකද මගේ ලිපිය නිසා මේ කතාව මග අරින්නෙ අපරාධෙ. ලස්සන කතාවක් මේකෙ අන්තර්ගතයි වගේම හොඳට හිනා වෙලා විනෝදෙන් බලන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ කතාවට හඬ නළුවන් විදිහට සම්බන්ධ වෙන්නෙත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි, ආයෙ ඉතින් මේ කාලයේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිහින් ඉන්න නළු නිළි තරු කැලක්.

මෙහි අධ්‍යයක්ෂණය Jared Stern සහ Sam Levine විසින් සිදු කර ඇති අතර Jared Stern සහ John Whittington කතාවේ රචනයෙන් හවුල් වී තිබෙනවා Dwayne Johnson, Kevin Harty, Kate McKinnon, Keanu Reeves සහ John Krasinski හඬකැවීම් දායකත්වය සපයනවා. කිව්වනෙ ලේසි පහසු කාස්ට් එකක් නෙමෙයි ඉන්නෙ. ?

ඉතින් බලන්නකො සුපර් මෑන් සහ සුපර් ඩෝග් අතරට ආපු ලොයිස් ලේන් නිසා මොකක් වෙයිද? සුරතල් සත්ව සාප්පුවේ මොකක්ද වෙන දේ? ලෙක්ස් ලූතර් සහ එයාගේ හුරතලා කියලා කියාගන්න සතා කොහොමද මේ අවුලට සම්බන්ධ වෙන්නේ? League of Super-Pets කණ්ඩායමේ එකතු වීම කොහොම සිද්ධ වෙයිද? කියලා පවුලේ හැමෝම එකතු වෙලා රස විඳින්න.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම baiscopelkවෙබ් අඩවියේ එල්.සී.දමැල් විසිනි

DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම DC League of Super-Pets (PG)
IMDb 7.7 /10 37,424 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jared Stern
Director

Cast

Dwayne Johnson isKrypto the Superdog (voice)
Krypto the Superdog (voice)
Kevin Hart isAce the Bat-Hound (voice)
Ace the Bat-Hound (voice)
John Krasinski isClark Kent / Superman (voice)
Clark Kent / Superman (voice)
Keanu Reeves isBruce Wayne / Batman (voice)
Bruce Wayne / Batman (voice)
Kate McKinnon isLulu (voice)
Lulu (voice)
Vanessa Bayer isPB (voice)
PB (voice)
Natasha Lyonne isMerton (voice)
Merton (voice)
Diego Luna isChip (voice)
Chip (voice)
Jameela Jamil isDiana Prince / Wonder Woman (voice)
Diana Prince / Wonder Woman (voice)
Marc Maron isLex Luthor (voice)
Lex Luthor (voice)

Similar titles

Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: The Road Chip (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Shift (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khuda Haafiz (2020) Sinhala Subtitles | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි | සිංහල උපසිරසි
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Snake: Afloat (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insight (2021) Sinhala Subtitles | Watch Online
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Retribution (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published