EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

I think my mask of sanity is about to slip.

( American Psycho (2000) Sinhala Sub | American Psycho (2000) Sinhala Subtitle |  American Psycho (2000) Sinhala Subtitles )

එහෙනම් අපි දැං කතාව පැත්තට හැරෙමු මේ ෆිල්ම් එක 2000 අවුරුද්දෙ තමා එලිදක්වන්නෙ… IMDB-7.6 වැනි අගයක් ගන්නව තව Rotten tomatoes 68%කුත් ගූගල් පරිශ්‍රීලක ප්‍රමානය 88%කුත් ලැබිල තියෙනව…. මේ චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නේ Mary Harron විසිනුයි. මෙහි තිර රචනය කර ඇත්තේ Mary Harron සහ Guinevere Turner. තවද මෙමෙ චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වන්න ඔබ අප කවුරුත් හොදින් දන්නා Christian Bale විසිනුයි.. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙයා කවුද කියල… දැන ගන්නම ඕන්නම් ෆිල්ම් දෙකතුකක් කියන්නං… Batman beginsThe dark knightThe dark knigh rises යන ජනප්‍රිය DC ෆිල්ම් තුනේ බෲස් වේන් නැත්නම් බැට් මෑන්ගේ චරිතයටත් තව The machinist,The prestige,Rescue dawn..මේ ෆිල්ම් බලල තියේ නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ කොල්ලගෙ රගපෑම කොහොමද කියල… ඊට අමතරව මේ චිත්‍රපටයට Jared Leto, chloe Sevigny, Willem Dafoe, Guinevere Turner, Josh Lucas, Samantha mathis… රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයට සම්මානද කීපයක් හම්බෙලා තියෙනව ඒ අතර හොදම නළුව විදිහට ක්‍රිස්ටියන් බේල්ටත් සම්මානයක් හිමිවී ඇත… දැං තේරෙනවනෙ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියල

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පැට්‍රික් බේට්මන් කියන්නෙ තමන්ගේ බාහිර ස්වරූපය ගැන ගොඩක් හිතන ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ මිතුරන් සමග අමතර කාලය ගත කරන අතර ඔහුගේ පෙම්වතිය වන එවුලින් ගැන ලොකු උනන්දුවක් නැති නිසා එන්ගේජ් වෙලා ඉන්න කෝට්නි කියල කෙල්ලෙක් එක්කට හොර ප්‍රේම සම්බන්දයක්ද පවත්වයි… මේ විදිහට ලෝකෙට හොද මූනක් පෙන්නගෙන හිටියට මොහුගෙ ඇතුලාන්තය ඊට හාත්පසින්ම වෙනස්….. ඒ නිසා මොහුට ප්‍රශ්න ගොඩකට වැටෙන්න සිද්ද වෙනව….. ඇත්තටම මෙයාගෙ ඇතුලත ස්වරූවය මොනවගේද කියල ෆිල්ම් එක බලලම තමා ඔයාලට දැනගන්න වෙන්නෙ…. මේ ෆිල්ම් එක නොසිතන අයුරින් උඩු යටිකුරු කරන අවසානයක් අනිවාර්යයෙන් ඔබට දැක බලාගැනීමට හැක .

ඇත්තටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්.

 

Comments

February 9, 2025

the machinist filme eka dennko 🙂

September 19, 2025

❤️