EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

1,000,000 Tons. 100,000 Lives. 100 Minutes.

(Unstoppable (2010) Sinhala Sub , Unstoppable (2010) Sinhala Subtitle , Unstoppable (2010) Sinhala Subtitles)

කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුලුවන් වගේම දුම්රිය වලට සම්බන්ධ චිත්‍රපටියක් වෙච්ච The Taking of Pelham 123 චිත්‍රපටයේ අධ්‍යක්ෂක Tony Scott ගේම තවත් චිත්‍රපටයක් අද බලමුද? කලින් එක වගේම මේකත් දුම්රිය වලට සම්බන්ධ එකක්. ඒ වගේම ප්‍රධාන නලුවත් සමානයි. ඒ තමා Denzel Washington. ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් තමා මේ චිත්‍රපටය තනා තියෙන්නේ ඇත්තම සිදුවීමක් අනුසාරයෙනුයි. ඒ තමා 2001 මැයි 15 සිදුවූ CSX 8888 සිදුවීම. දුම්රියේ රියදුරා වේගය අඩාල කොට මාරු කිරීමට අමතක වී තිබුණු රේල් පාර මාරුකිරීමට දුම්රියෙන් බැස දිව යනවා. ඒත් අත්වැරදීමකින් ඔහු දුම්රියේ වේගය වැඩිකිරීම නිසා හා තවත් හේතු මත දුම්රියේ වේගය වැඩිවනවා. ඒ නිසා ඔහුට මාර්ගය පීලී ගන්වා නැවත නැගීමට තැත්කලත් එය අසාර්ථක වෙනවා. ඒ නිසා එම දුම්රිය පාලනයකින් තොර ස්වයංක්‍රීයව ගමන් කරන දුම්රියක් බවට පත්වෙනවා. ඒ වගේම එහි අනතුරු දායක ද්‍රව්‍යක් පිරවූ ගැල් කිහිපයක් ම තිබෙන නිසා අනතුරුදායක බව වැඩි වෙනවා. මේ දුම්රිය නැවැත්වීමට ගන්නා අනතුරුදායක උත්සහය අනුසාරයෙන් තවත් අඩුවැඩිය එකතු කොට නිපදවූ චිත්‍රපටයක් තමා මේ චිත්‍රපටය. හැමෝටම කාලෙකින් හොඳ රසවින්දනයක් ලබන්න හැකි වෙයි කියලා හිතනවා.

Comments