EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]
Director:S. K. Vettri Selvan
Cast
Go Full Cast PageThnik... Dare... Act...
Yenni Thuniga (2022) Sinhala Sub
Yenni Thuniga (2022) Sinhala Subtitle
Yenni Thuniga (2022) Sinhala Subtitles
022 අගෝස්තු මාසයේ නිකුත් වුණ Jai ගේ අලුත්ම Action චිත්‍රපටයට උපසිරැසිය අරගෙන ආවා.
S.K. Vettri Selvan ගේ අධ්‍යක්ෂණය යටතේ Athulya Ravi, Vamsi Krishna යන අයට අමතරව විදේශීය රංගන ශිල්පීන් රැසක්ද දායක වෙනවා. IMDb අගය 7.2ක් අරගෙනත් තියෙනව. මංකොල්ලයක් වටා ගෙතෙන කතාවේ පොඩි හැදින්වීමක් කරන්නම්.
කතිර් කාර්යාලයේ වැඩ කර කර ඉන්නකොට එයාගෙ ෆෝන් එකට මැසේජ් කීපයක් එනව, එවල තියෙන්නෙ යාළුවෙක් බැලින්නම් ලස්සන ගැහැණු ළමයෙකුගෙ ෆොටෝස් කීපයක්. ඒ කොලේජ් එකේ කතිර්ගෙ පස්සෙන් ආපු නර්මදා කියල ගැහැණු ළමයගෙ ෆොටෝස්. ඒ ලස්සන දැක්කාම කතිර්ගෙ හිතට නර්මදා ගැන ආදරයක් ඇතිවෙනවා. කොලේජ් කාලෙදි මෙච්චර ලස්සන කෙල්ලෙක්ද නැතිකරගත්තෙ කියල එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කියල හිතාගෙන එයාගෙ යාළුවට කියනව නර්මදාව මුන ගස්සන්න කියල. නර්මදාව මුණ ගැහිලා සමාව ඉල්ලල කොලේජ් කාලේ නර්මදා යෝජනා කරපු එකට දැන් එයා කැමතියි කියල කියනව. මුලින්ම පිළිගත්තෙ නැතත් පස්සෙ නර්මදා කතිර්ව පිළිගන්නව, මොකද කොලේජ් කාලේ ඉදන්ම නර්මදාගෙ හිතේ තිබුණ ආදරේ වෙනසක් වෙලා තිබුණෙ නැති නිසා. පස්සෙ මේක ගෙවල් වලිනුත් දැනගෙන නර්මදාගෙ තාත්තා ජාතිය කියන බාල්දිය පෙරලන්න බැලුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. කතිර්ට නම් තාත්තා විතරයි ඉන්නෙ. දෙන්නගෙ ආදරේට දැන් දෙපැත්තෙන්ම කැමැත්ත හම්බවෙලා විවාහයට ඕන කරන රත්තරන් බඩු ගන්න කියල ස්වර්ණාබරණ සාප්පුවකට යනව දෙන්නත් එක්කම. කතිර් බයික් එක පාර්ක් කරන්න යන අතරේ නර්මදා ස්වර්ණාබරණ සාප්පුව ඇතුළට, ඒ ගිහින් ටික වෙලාවකට පස්සේ ඇහෙන වෙඩි හඩත් එක්ක කතිර් සාප්පුව ඇතුළට දුවගෙන යනවා. ඒ ගිහින් බල්ද්දි වුණ දේ කතීර්ට හිතාගන්නවත් බැරිවෙනවා. එහෙනම් ඒ විස්තරෙත් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙනකම්


![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/lQyGBWdYuu9mNmypbLGbmyQPJbL.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/rojJxqIiJQ4TKFNGliqfoueL5jp.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/ybIUzCYuSk8WbWU3IVNsAbZ4CfM.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/9S6068uP3rDbtUB6u2CCxNTeinH.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/mEPqUdPk4ovrS3ar7T9ZWH4dS9j.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/voEQe8aTGSy6VQog47pxZz6xPAO.jpg)
![Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]](https://image.tmdb.org/t/p/w300/IhFjIsQNNIKLir6A2hEvOtdbhY.jpg)