EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Roads? Where we're going, we don't need roads!

Back to the Future Part 2 (1989) Sinhala Sub
Back to the Future Part 2 (1989) Sinhala Subtitle
Back to the Future Part 2 (1989) Sinhala Subtitles

පළමුවෙන්ම BACK TO THE FUTURE පළමු කොටස නරඹා අදහස් පල කල සැමට ස්තූති වන්ත වෙනවා. මෙම දෙවන කොටස තිරගත උණේ 1989 දී. පළමු එකෙන් වසර හතරකට පසුවයි. මෙයද ආදායම් වාර්තා තැබූ සාර්ථක සිනමා පටයක් බවට පත් වූවා.

ඉතින් ගියවර මාටී 1985 සිට 1955 ට වසර 30ක් අතීතයට ගිහින් තමා නැවත අනාගතයට (1985 ට) ආවේ. මෙවර 1985 සිටම නැවත වසර 30 ක් අනාගතයට ගමන් කිරීමට සිදු වනවා. ඒ 2015 වර්ෂයට. පළමු කොටසේදී නොසිතූ ලෙස තනිවම අතීතයට තල්ලු වී ගොස්, තම මව පියා එක්කිරීමට සටනක් දී නැවත පැමිණි මාටී, මෙවර අනාගතයට යන්නේ, මහාචාර්ය වරයා හා තම පෙම්වතිය ජෙනිෆර් සමගයි. ඒ තම අනාගත දරුවන් මුහුණ දීමට යන දරුණු ඉරණමකින් ඔහුන්ව බේරා ගැනීමටයි.

තමාගේ පුතා වෙනුවට, ඔහු ලෙස පෙනී සිටිමින්, ඔහුව සිරගෙට යාමෙන් බේරා ගැනීම ගමනේ අරමුණ වූවා. නමුත් අවාසනාවන්ත ලෙස, සියල්ල කණපිට පෙරළී අනාගතයේදී සිදුවන සිදුවීම් නිසා, වර්තමානය දරුණු ඉරණමකට පත්වීමට කරුණු ඇති වෙනවා. මේ තත්වයෙන් වර්තමානය බේරා ගැනීමට නැවත 1955 ට යාමටත්, එහිදී සිදුවී ඇති යම් වැරදි නිවැරදි කිරීමටත් මොහුන්ට සිදුවනවා. එය ලෙහෙසි පහසු ක්‍රියාවක් වන්නේ නැහැ.

හොදයි දෙවන කොටසත් නරඹා සිදුවන්නේ කුමක්දැයි බලා ගන්න. තෙවන කොටසත් හැකි ඉක්මනින් දෙන්නට කටයුතු කරන්නම්.

Comments

September 11, 2024

Wda nane player ekkwth