CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5096 Views

  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Dwaraka (2017) Sinhala Subtitles

Dwaraka (2017) Sinhala Subtitles

Mar. 03, 2017India
Your rating: 0
9.2 6 votes
Dwaraka (2017) Sinhala Subtitles | දෙවියෙක්ද? බොරුවක්ද? [සිංහල උපසිරසි සමඟ]

මිත්‍යා විශ්වාසයන්..
හම්බ කරන් කන්න නම් හොඳ ව්‍යාපාරයක්..
අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සංවේදී හැඟීම්, වත්කමක් කරගනිමින් තම මඩිය තර කරගන්නට දත කන මිනිසුන් ඕනෑතරම් සිටින සමාජයකයි ඔබ අප අද මේ ජිවත් වන්නේ.

ගස්, ගල්, ඇටකටු, මළකුණු, සිප්පි කටු වලින් වාසනාව උදාවෙනවාය කියා..
අහිංසක අසරණ දුප්පත් මිනිසුන් රවටා මහා ධන කුවේරයන් වූ ව්‍යාපාරිකයන් ගැන ඔබ ඕනෑතරම් අසා ඇති.
මේ නොහොබිනා වැඩෙන් අවසානයේ සෞභාග්‍යය උදාකරගෙන තිබෙන්නේ මළකුණු විකුණන මිනිසා මිස,
එය මිලදී ගත් අසරණ මිනිසා නොව.

බුද්ධිමත් මිනිසුනේ..
යථාර්තය තේරුම් ගන්න..
දෛවය සමග ජිවත් වන්න..
දෛවය වෙනස කල හැක්කේ තමන්ටම මිස,
වෙන කිසිවකුට නොව.

ආගම් සහ දර්ශනයන් විස්වාස කරන්න..
නමුත් ඒවාට මුවාවී නුඹේ පසුම්බියට විරිත්තගෙන සිටින ව්‍යාපාරිකයන් විස්වාස නොකරන්න..

අක්කල නංගිලා කාගේත් පෙම්වතා විජේ දේවරකොන්ඩාගේ 2017 වසරේ නිකුත් වෙච්ච එළකිරි චිත්‍රපටියක් අරගෙනයි අද මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ. 2017 වසරේ මාර්තු 3 නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රීනිවාස් රවින්ද්‍ර විසින්. විජේ දේවරකොන්ඩා එක්ක පූජා ජාවේරි තමයි ප්‍රධාන චරිත විදිහට රඟපාන්නේ. ඊට අමතරව ප්‍රකාශ් රාජ් එහෙමත් රංගන දායකත්වය සපයල තියෙනවා මේ චිත්‍රපටිය වෙනුවෙන්. සායි කාර්තික්ගේ සංගීතයෙන් හැඩවුණු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 4 ක වියදමින් තනා කෝටි 12 ක ආදායමක් උපයාගන්නට සමත් වෙනවා. පොඩියට ලෝ බජට් එකකින් කරලා පොඩියට ප්‍රදර්ශනය කරලා වියදම වගේ තුන් ගුණයක් හොයන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය IMDB 5.6 අගයක් ගන්නා අතර විජේගේ සිනමා ගමන් මගේ තවත් එක සාර්ථක පියවරක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

මිනිස්සු කියන ජාතිය හරිම බුද්ධිමත්.
ඔවුන්ගේ මනස උසස්.
ඒ හින්දනේ අපි සත්තුන්ට වැඩිය වෙනස්.

නමුත් ඔය කියන මිනිස්සුන්ව සලකලා බැලුවම,
මිනිහෙක්ට මිනිහෙක් ගත්තම,
එක මිනිහෙක්ව අන්දන්න/මුලා කරන්න,
තව මිහිහෙක්ට මහ වෙලාවක් යන්නේ නෑ.

කෙනෙක්ගේ අසරණ කමක්,
තව කෙනෙක්ගේ ව්‍යාපාරයක් කරගන්නවා..
අදායමක් කරගන්නවා..
අනේ ඒ අසරණ මිනිස්සුත්,
අර අයගේ කයිවරුවට රැවටෙනවා.

එරා සීනු කියන්නේ හොරෙක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඌ හොරෙක්. පොරට හිතෙනවා පොඩි පොඩි හොරකම් කර කර ඉන්නැතුව, ලොකු දෙයකට ගේම දීලා ජිවිතේ එකලාසයක් කරගන්න. ඉතින් පොර යනවා කෝවිලක දේව පිළිමයක් උස්සන්න. වැඩේ ගොඩදාගන්න කලින් මිනිහා මාට්ටු වෙනවා. ඒත් මේ එරා සීනු එතනින් පැනගන්නවා. එතනින් පස්සේ තමයි හොඳම හරිය. ඇඟේ තිබුණු ෂර්ට් එකවත් නැතුව මෙහෙම ඉබාගාතේ දුවගෙන ගිය එරා සීනු තැනක නතරවෙලා රෙදි වැලක තිබුණු ස්වාමි කෙනෙක්ගේ වස්ත්‍රයක් පොරවගන්නවා. එතනිත් පස්සේ කතාව තවත් රසවත්.. අරගෙනම බලන්නකෝ එහෙනම්.

Dwaraka (2017) Sinhala Subtitles
Dwaraka (2017) Sinhala Subtitles
Dwaraka (2017) Sinhala Subtitles
Dwaraka (2017) Sinhala Subtitles
Dwaraka (2017) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 4.6 /10 560 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Costao (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Geetha Govindam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happy Phirr Bhag Jayegi (2018) Sinhala Subtitle
Vanangaan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Befikre (2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published