CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3409 Views

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles

Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles

Feb. 18, 2017Japan119 Min.
Your rating: 0
8.1 7 votes
Sword Art Online: The Movie – Ordinal Scale (2017) with Sinhala Subtitles | කිරිටෝගේ අන්තප්පුරයට AI කෙල්ලෙක් [සිංහල උපසිරසි සමඟ]t a game...or so I thought

 

ඔහායෝ මින-සාන්, ඔන්න මගේ දෙවෙනි ඇනිමි උපසිරැසිය.කලින් දුන්නේ TV Series එකක් වුනත් මේකනම් Movie එකක්.මේ Movie එක TV Series දෙකකට පස්සේ අවේ.පලවෙනි එක තමයි, Sword Art Online ඒ වගේම දෙවෙනි එකවුනේ, SAO II Gun Gale Online.ඉතින් ඒ දෙකටම පස්සේ ආපු මේ ෆිල්ම් එක බලන්නනම් කලින් කතා දෙකේ දැනුම ටිකක් අවශ්‍යයි.එහෙම නැතුව මේ කතාව තේරුම් ගන්න ටිකක් අමාරුයි.ඉතින් තවම කලින් කියපු TV Series දෙකට සිංහල උපසිරසි නැති නිසා මම කලින් කතා දෙක ගැන පොඩි විස්තරයක් කරනවා.ඒ කතා දෙක බලන්න කැමති අය ඉන්නවනම් ඊලග ඡේදය කියවන්න එපා.මොකද ඒක ඒ වගේ කස්ටියට ස්පොයිලර් විමානයක් වගේ තියෙවී.

Sword Art Online කියන්නේ 2022 දී නිකුත් කරන පරිගණක ක්‍රීඩාවක්.මේ කාලවකවානුවේ Virtual Reality කියන දේ හොදටම දියුණු වෙලයි තිබුනේ.ඉතින් මේ ගේම් එකත් VR ගේම් එකක්ම තමයි.මේ VR ගේම් එකට පිවිසීමට මොලය හා සම්බන්ධ වෙන නර්ව් ගියර් නම් හිස්වැස්මක් දාගන්න ඕනේ.ඉතින් මේ අමුතුම අත්දැකීම විදගන්න 10000ක් විතර දෙනා මේවා මිලදී අරගෙන මේ ගේම් එක සෙල්ලම් කළා.ඉතින් අපේ ප්‍රධාන චරිතය වන කිරිගයා කසුටෝ එහෙම නැත්තම් කිරිටෝ කියන අවරුදු 14 ක පොඩි කොල්ලත් මේ ගේම් එක සෙල්ලම් කරනවා.මිනිහා හරිම දක්ෂ ගෙමර් කෙනෙක්.ඉතින් ඔහොම කස්ටිය VR ගේම් එකේ විනෝද වෙමින් ඉන්නකොට එකවරම ගේම් එකෙන් එලියට යන්න තියන Log-Out බොත්තම අතුරුදහන් වෙනවා.ඒ සමගම ඒ ගේම් එක හදපු කෙනා අකිහිකෝ කයබා කියන ඩයල් එක ඇවිත් මාරම කතාවක් කියනව. “දැන් මේ ගේම් එකෙන් එලියට යන්න කාටවත් බෑ.ඔයාලට එලියට යන්න පුළුවන් එකම විදිය තමයි මුළු ගේම් එකම සම්පූර්ණ කරන එක. ඔයා ගේම් එක ඇතුලෙදි මැරුනොත් ඔයාගේ නර්ව් ගියර් එකෙන් ඔයාගේ මොලය විනාශ කරලා ඇත්ත ලෝකෙදි ඔයාව මැරෙනවා. ඒ වගේමපිට ඉන්න කවුරුහරි කෙනෙක් තමන්ගේ නර්ව් ගියර් එක ගැලවුහොත් මොලයට හානි වෙලා මරණය අත් වෙනවා. ඉතින් අයෙමත් ඇත්ත ලෝකයට පණපිටින් යන්නන කැමතිනම් මේ ගේම් එක සම්පූරණ කරන්න”ඉතින් මුලින් කට්ටිය හිතුවේ මේක විහිළුවක් කියලා, එත් කට්ටියට පිටත ලෝකයේ ප්‍රවෘති පෙන්නුවහම තමයි කතාව ඇත්ත බව වැටහුනේ.ඉතින් මේ මාරාන්තික ගේම් එක ඉවර කරන්න දක්ෂම ක්‍රීඩකයන් එකතු වෙලා කණ්ඩායම් හදනව.මේ කණ්ඩායමකට යන කිරිටෝට එයාගේ ප්‍රධාන ලව් ඉන්ට්‍රෙස්ට් එක මුණගැහෙනවා. ඒතමයි යුකී අසුනා.ඉතින් මේ විදියට කට්ටිය කොහොමහරි මේ ගේම් එක ඉවර කරලා නිදහස් වෙලා එනවා.ඉතින් මම මේ කිව්වේ ඉතාමත් කෙටි සාරාංශයක්.ඒ කතාවේ මීට වඩා හුගක් දේවල් වෙනවා.මම මේ ෆිල්ම් එක තේරුම් ගන්න අවශ්‍ය වන වැදගත්ම කරුණු ටික විතරයි කියල තියෙන්නේ.ඉතින් පුලුවන්නම් ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා TV Series දෙක බලලම ඉන්න.

ෆිල්ම් එකේදී වෙන්නේ ලෝකයට අලුත් AR ගැජට් එකක් හදුන්වලා දෙනවා. ඒක ඕග්මා කියල තමයි නම් කරලා තියෙන්නේ.ඉතින් දැන් කස්ටිය VR වලින් බැහැර වෙලා AR වලට මාරු වෙනවා.මේ AR සදහා හදපු ගේම් එක තමයි Ordinal scale කියන්නේ.මේකෙදි අපිට යූනා කියලා AI කෙනෙකුත් මුණගැහෙනවා.එයා වටා තමයි මේ කතාව කියවෙන්නේ.ඉතින් ෆිල්ම් එක ගැන තව කියන්න යන්නේ නෑ.ෆිල්ම් එක බලලම කතාව හොදද කියන්න.

මේ ෆිල්ම් එක තිරගත වුනේ 2017 පෙබරවාරි 08 වෙනිදා.කලින් TV Series දෙක වගේම මේකත් සජීවීකරණය කලේ A-1 Pictures කියන ඇනිමි ස්ටූඩියෝ එකෙන්. මේක පැය දෙකක් විතර දුවන ෆිල්ම එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Itou Tomohiko.කතාව හැදෙන්නේ Kawahara reki කියන කෙනාගේ Light Novel එක පාදක කරගෙන.

ඉතින් එහෙනම් මම ගියා. ඊලග ඇනිමි උපසිරසියෙන් හමුවෙමු. හැමෝටම අරිගතෝ AND සයොනාරා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳුු බණ්ඩාර (Baiscopelk)
IMDb 7.3 /10 8,100 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tomohiko Ito
Director

Cast

Yoshitsugu Matsuoka isKazuto Kirigaya / Kirito (voice)
Kazuto Kirigaya / Kirito (voice)
Haruka Tomatsu isAsuna Yūki (voice)
Asuna Yūki (voice)
Ayahi Takagaki isRika Shinozaki / Lizbeth (voice)
Rika Shinozaki / Lizbeth (voice)
Ayana Taketatsu isSuguha Kirigaya / Leafa (voice)
Suguha Kirigaya / Leafa (voice)
Hiroaki Hirata isKlein (voice)
Klein (voice)
Hiroki Yasumoto isAndrew Gilbert Mills / Agil (voice)
Andrew Gilbert Mills / Agil (voice)
Kanae Ito isYui (voice)
Yui (voice)
Miyuki Sawashiro isShino Asada / Sinon (voice)
Shino Asada / Sinon (voice)
Rina Hidaka isKeiko Ayano / Silica (voice)
Keiko Ayano / Silica (voice)
Koichi Yamadera isAkihiko Kayaba (voice)
Akihiko Kayaba (voice)

Similar titles

Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double World (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Beware My Power (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
LIE (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload Sub Error Fixed
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Action Jackson (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published