EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Director:R. Ajay Gnanamuthu, Venkatesh VS, VG Balasubramanian
Cast
Go Full Cast PageCobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]
(Cobra (2022) Sinhala Sub , Cobra (2022) Sinhala Subtitle , Cobra (2022) Sinhala Subtitles)
සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතර, මෙම උපසිරැසිය නිර්මාණය කිරීම සඳහා සහය ලබාදුන් සහෝදර උපසිරැසිකරුවකු වන පසිඳු මදුමාල් මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා.
කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා රසික හදවත් සියල්ලගේම පාහේ ආදරය නිරතුරුවම දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ සුපිරි නළුවකු වන වික්‍රම් අනර්ඝතම රංගනයක යෙදෙන සිනමාපටයක් ලෙස Cobra 2022 සිනමාපටය හැඳින්විය හැකියි. I 2015 දමිළ සිනමාපටයෙන් පසුව වික්‍රම් තම ප්‍රේක්ෂකයින්ට තවත් නැවුම් අත්දැකීමක් ලබාදෙමින් රිදි තිරයට පැමිණ සිටිනවා. එකිනෙකට වෙනස්ම වූ වේශ නිරුපණ හයක් රඟදක්වන වික්‍රම් තම රංගන ප්‍රතිභාවය තව තවත් මතුකර පෙන්වා තිබෙනවා. 2019 වසරේ මෙම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කලත් එවකට ලොවපුරා පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවූ විවිධ බාධක හමුවේ මෙම සිනමාපටයේ රූගත කිරීම් නිම කිරීමට නිෂ්පාදක කණ්ඩායමට වසර තුනක කාලයක් ගතවී තිබෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යෂකවරයා වන R. Ajay Gnanamuthu ගැන යමක් සඳහන් කලහොත් Imaikkaa Nodigal 2018 පෙරළිකාර දමිළ සිනමාපටයෙන් පසුව ඔහු තවත් සුවිශේෂි සිනමා අත්දැකීමක් Cobra 2022 සිනමාපටයෙන් ලබාදී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Irfan Pathan ගේ තම කුළුදුල් රංගනය මෙම සිනමාපටය තුලින් එළිදක්වා තිබෙනවා.











