CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
9733 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]

After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]

Aug. 24, 2022United States95 Min.
Your rating: 0
9 35 votes
After Ever Happy (2022) Sinhala Subtitle | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]

මේ පාර උපසිරැසි අරන් ආවේ After චිත්‍රපට මාලාවේ හතර වැන්න. කලින් ඒව බලලා නැත්තම් මුලින් ඒව බලල ඉන්න මේක බලන්න කළින් ඔබ රොමෑන්ටික් චිත්‍රපට රසිකයෙක් නම්. මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 07 වෙනිදා. පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ 23 වෙනිදා. චිත්‍රපටයෙ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18 පමන උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ After We Fell චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Castille Landon විසින්. මෙයට රංගනයෙන් දායක වෙනවා Hero Fiennes Tiffin / Josephine Langford / Carter Jenkins / Arielle Kebbel / Kiana Madeira / Stephen Moyer වැනි අය.

කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, තව පොඩ්ඩක් ආදරෙත් කරනවා. ඒත් කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්, කළින් ෆිල්ම් එකේදි හාඩින් දැනගන්නවා කේන් කියන්නේ ඔහුගෙ ඇත්තම තාත්ත නෙවේ ක්‍රිස්ටියන් කියලා. ඒක ඔහුට තදින්ම බලපානවා මොකද ඔහුගෙ ජීවිතේම බොරුවක් වුණ නිසා. ඔහුගේ ජීවිතේ වුණ ගොඩක් දේවල් වලට ක්‍රිස්ටියන්ට ඔහු දොස් පවරනවා. ඔහුගෙ පැත්තෙන් ඒක සාධාරණයි. ඉතින් මේ ප්‍රශ්නෙ හාඩින්ගෙයි ටෙසාගෙයි ජීවිතේට කෙසේ බලපායිද? ඔව්, හොඳින් බලපාන්නෑ. හාඩින්ගෙ මුරන්ඩිකම් තවත් වැඩි වෙන නිසා ටෙසාටත් මේ සම්බන්දෙ ගැන කලකිරෙනවා. ඒ නිසා දෙන්න තර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒව බලලාම දැනගන්න. ඊට අමතරව හාඩින් කේන්ට කෙසේ මුහුන දෙයිද මොකද කේන් තාමත් ඇත්ත දන්නෙ නෑ. හාඩින් තමන්ගෙ අම්මට කොහොම මුහුන දෙයිද, ඒවාද මේකෙන් ඔයාලට බලාගන්න හැකිවෙයි.

ඉතින් ඔය ඇතිනෙ කිව්වා. හාඩින් සහ ටෙසාගේ ආදර කතාවට තාමත් කැමති අය ඉන්නව නම් මේකත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම මේකෙ තව චිත්‍රපටයක් නිකුත් වෙන්න ඉඩ තියෙනවා එහෙම එකක් ආවොත් ඒකටත් උපසිරැසි ගේන්නම්. තවද අන්තර්ජාලයේ මේ චිත්‍රපටයෙ වෙබ් පිටපත් කීපයක්ම තියෙනවා. ඉතින් බාගද්දි PSA හරි YTS එකෙන් හරි ගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් වුණාම ඒ ගැන දැනුවත් කරපු චාමර අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

 

 

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 4.3 /10 2,360 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Chance Perdomo isLandon Gibson
Landon Gibson
Stephen Moyer isChristian Vance
Christian Vance
Louise Lombard isTrish Daniels
Trish Daniels
Mira Sorvino isCarol Young
Carol Young
Arielle Kebbel isKimberly
Kimberly "Kim" Vance

Similar titles

The Killer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Death Race 4: Beyond Anarchy (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Charlie Brown Christmas (1965) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Presence (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Transporter 3 (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood in the Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Oshanda September 16, 2023 Reply

    After 5 awilla ne eka dennadda

  • Isuru September 26, 2023 Reply

    Aiye after 5(after everything) released una ekath ikmanata oni💖

  • uthsew November 18, 2023 Reply

    The other zoey movie ekat dennko

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

© 2024 by Cinesubz Movies [pvt] Ltd. All Rights Reserved