EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWhere the Crawdads Sing (2022) Sinhala Subtitles | මඩ වගුරේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ] (18+).
Where the Crawdads Sing (2022) Sinhala Sub
Where the Crawdads Sing (2022) Sinhala Subtitle
Where the Crawdads Sing (2022) Sinhala Subtitles
Delia Owens විසින් 2018දී රචිත Where the Crawdads Sing නවකතාව ඇසුරෙන් 2022 ජූලී මාසයෙදි තිරගත වුනු චිත්‍රපටියක් තමා මේක. කතාවේ ප්‍රධාන චරිතය වෙන කායා ජීවත් වෙන්නේ ජලයෙන් වටවුණු, ගොඩක් සත්තුන්ට නවාතැන් දෙන කලපු, විල්ලු, ඔක් ගස් පිරුණු වනාන්තර වලින් සමන්විත, කිසිම මිනිස්වාසයක් අහලක නැති සුන්දර පරිසරයක. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ කුඩා කාලය ගෙවන ඇයට පවුලේ ඇති වෙන ගැටලු නිසා තමන්ගේ අම්මා, සහෝදර සහෝදරියන් අහිමි වෙනවා. ඉතාමත් දර දඩු තමන්ගේ පියා එක්ක ජීවත් වෙන මේ පුංචි කායා මේ පරිසරයේදී ම තමන් තනිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා.
ඉතින් කාලයක් යද්දී අහම්බෙන් වෙන පෙම් පටලැවිලි මැද්දෙන් සුන්දරව ජීවිතය ගෙවන මේ කායා අවසානයේ නවත වෙන්නේ මිනී මැරුමකට චෝදනා ලබමින් සිර ගත වෙමින්. ඉතින් එයාගේ ඉතිරි ජීවිතේ කොහොම වෙයිද, දිගටම හිරේ ඉදීද, නැත්නම් නිදහස් වෙයිද කියලා බලලාම දැන ගන්න.
IMDb පරිශීලකයන් 32 000ක මනාප වලින් 7.1/10 ක අගයක් මේ චිත්‍රපටිය මේ වෙද්දී ලබා ගෙන තියේ. Taylor Swiftගේ අලුත්ම ගීතයක් වුණු “Carolina” එළියට එන්නෙත් මේ චිත්‍රපටිය තුළින්මයි.











