CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles

Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles

Oct. 15, 2021
Your rating: 0
10 1 vote

TV Series Info

Drishyam (2013/2015) චිත්‍රපටිය බලලා ඇතිනේ එපා වෙන්නම. එහෙම නැත්තම් ඒකෙ සිංහල පිටපත වෙන අපේ ධර්මයුද්ධය චිත්‍රපටිය. මේ අරන් එන්නේ ඒ පාරේ යන හරි අපූරු වෙබ් කතාමාලාවක්. කොටස් තියෙන්නේ නම් 8යි. වගකීමෙන් කියනවා ඒ කොටස් 8ම හොඳ කුතුහලයකින් බලාගෙන බලාගෙන යන්න පුළුවන් කියලා. අවසානයේ ඉතින් Thriller | Mystery ගණයේ නිර්මාණ වල රසිකයන්ට සැලකිය යුතු මට්ටමේ රසයක් විඳින්න ඉඩකඩ ලබාදෙන කතාවක්. ඉතින් ඒ ජාතියේ ඒවට කැමති අයට කෙලින්ම කරන ආරාධනාව තමයි මේක. ඇවිල්ලා බලන්න Tabbar….!!!

Snonyliv ඔස්සේ 2021 වසරේ දිගහැරුණු, ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය මහ දැවැන්ත විදිහට ලබාගත්තු නිර්මාණයක් තමයි මේ Tabbar කියන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයයේ ලබාගෙන තියෙන 8.3ක දැවැන්ත අගයත් ඒ පිලිබඳව සාක්ෂි දරනවා. ඉතින් ඒ කාලෙම මේකට සිංහල උපසිරැසිය අරන් එන්න සැලසුම් කරාට, දන්නැද්ද ඉතින් සැලසුම් වෙනස් වෙලා, වෙලා අද දවස වෙනකම්ම මේක ඇදිලා ආවා. කවුරුහරි සිංහල උපසිරැසියක් නැතිකම නිසාම මේ කතාමාලාව පැත්තකට කරලා තිබ්බ නම්, එහෙනම් එන්න අද ඉඳන් මේක තේරෙන සිංහලෙන්ම බලලා දාන්න පුළුවන්. ඉතින් Tabbar ගැනත් ටිකක් කියන්නම්. Tabbar කියන්නේ පවුලට. තාත්තා කෙනෙක්ට තමන්ගේ පවුල වෙනුවෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අහද්දිම මතක් වෙන්නේ වෙන මොකක්වත් නෙමේ Drishyam සිනමා නිර්මාණයනේ. අන්න ඒ නිසාමයි මං Tabbar කතාමාලාවත් Drishyam පාරේම යන නිර්මාණයක් කියලා කිව්වේ. ඒ ඉඟිය හොඳටම ඇති, නැත්තම් බලන අයට කරන අසාධාරණයක්. හරි, Tabbar කතාමාලාවේ ප්‍රධාන චරිත වලට පණ දෙන්නේ ප්‍රවීණ නළු Pawan Malhotra, Supriya Pathak, Ranvir Shoray කියන කට්ටිය. රඟපෑම් ගැන ඒ නිසාම අමුතුවෙන් කතා කරන එක බොරු වැඩක්. ඒ හින්දා කතා නොකර ඉමු. කියන්න තියෙන විශේෂම දේ තමයි මේ කොටස් 8 ඇතුලේ ඔයාට ඈනුම් යන්න ඉඩක් නොතියම කුතුහලයෙන් පුරවලා තියනවා කියන එක තමයි.

කතාව ඩිංගිත්තක් වගේ කියලා ඉන්නම්. ඕම්කාර් සිං කියන්නේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. තමන්ගේ ප්‍රිය බිරිඳ සර්ගුන් සහ දරුවෝ දෙන්නත් එක්ක සැහැල්ලුවෙන් සතුටින් ඕම්කාර් තමන්ගේ විශ්‍රාමික ජීවිතය අරගෙන යමින් තමා තිබ්බේ. මෙයාලගේ දරුවෝ දෙන්නා ගැන කිව්වොත් දෙන්නම හොඳ තරුණ වයසේ කොල්ලෝ. වැඩිමහල් කොල්ලා හැපී, බාලයා තේගී. මෙතනින් හැපී ගැන කිව්වොත් නම්, දෙමව්පියෙක් උනාම හිත ඇතුලෙන් පතාගෙන ඉන්න කීකරු පුතාගේ ජවනිකාව රඟදක්වනවා. හොඳට ඉගෙන ගෙන දැන් පොලිස් නිලධාරියෙක් වෙන්න හිතන් ඇකඩමියේ ඉගෙන ගන්නවා ඈත පලාතකට වෙලා. බාලයා නම් ඊට අනිත් පැත්ත. කිසිම දෙයක් ගැන වගකීමක් නැති නාහෙට නාහෙන කොල්ලෙක්. යූටියුබර් කෙනෙක් වෙන්න තමා මිනිහා හීන දකින්නේ නම්. ඉතින් ඔන්න සුපුරුදු විදිහට ඉර පායලා තවත් දවසක් උදා වුණා. අද ඕම්කාර් ඇතුළු පවුලටම විශේෂ දවසක්. මොකද අද කාලෙකට පස්සේ හැපී එනවා ඇකඩමියේ ඉඳන් නිවාඩුවට. කාලෙකට පස්සේ පවුලේ 4දෙනාටම එකට වාඩිවෙලා කෑම ටිකක් කන්න පුළුවන්.

ඒත් ඒ දවස එයාලගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන දවසක් නම් වුණේ නැහැ. හැමදේම හැමදාම වගේ හොඳින් සිද්ධ වුණා, කවුදෝ ඉස්සරහ දොරට තට්ටු කරනකම්ම. ඕම්කාර් ගිහින් දොර ඇරියා. ඇවිල්ලා හිටියේ එයාලගේ මුළු පවුලම විනාශ කරන්න බලන් ආපු රාක්ෂයෙක්…

Tabbar (2021) TV Series | Complete Season 01 With Sinhala Subtitles
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
First air date Oct. 15, 2021
Last air date Oct. 15, 2021
Seasons S01 Complete
Average Duration tt15404324 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

Manvat Murders (2024) TV Series | Season 01 | Complete
Aranyak (2021) Complete TV Series With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hospital Playlist (TV Series 2020-2021) S01 & S02 Complete
The Secret Of The Shiledars (2025) TV Series | Season 01 | Complete
Foundation (2021) S01 Complete Sinhala Subtitles
The Judge from Hell (2024) TV Series | Season 01 | Complete
The Walking Dead: The Ones Who Live (2024) TV S01 | Complete
Indian Predator: Murder in a Courtroom (2022)  TV Season 01 Complete
Sengalam (2023) TV Season 01 Complete
THE DAYS (2023) TV S01 Complate
Song of the Bandits (2023) TV S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published