EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | ගෞරවය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]
Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Sub
Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Subtitle
Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Subtitles
❝ ඔයා කවුද කියන එක නැතුව ඔයාට කවුරු
වෙන්න පුලුවන්ද කියලා හිතන්න. ❞❝ “මට බෑ” කියන එක තරම්
විෂ දෙයක් තවත් නෑ. ❞❝ ඔයාට පුලුවන්,
ඔයා විස්වාස කරනවා නම්. ❞❝ ස්වර්ගය වගේම අපාය
ඔයාට විරුද්ධව සන්ධානගත වුනත්. ❞❝ ඔයාට පුලුවන්. ❞
❝ තේරුනාද? ❞
ආයුබෝවන්! කියන්න කලින්ම පොඩි සංවාදයක් දන්න ඕන කියලා හිතුවා. හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ. අද මං ඔයාලට අරගෙන එන්නෙ Mortal Kombat Legends : SNOW BLIND ඇනිමේෂන් චිත්‍රපටයට උපසිරැසි. ඉතින් මේ චිත්‍රපටය රිලීස් වෙන්නෙම Blu-ray හින්දම ඉක්මනින්ම ගේන්න ඕන කියලා හිතුවා. ඇනිමේෂන් අතින් මං පුද්ගලිකව ආසම category එකක් තමයි Mortal Kombat Legends කියන්නෙ. පෙර ආපු ෆිල්ම් දෙකත් ඔයාලට මතක් කරගෙනම යන්නම්කෝ.
• Mortal Kombat Legends : SCORPION’S REVENGE (2020)
• Mortal Kombat Legends : BATTLE OF THE REALMS (2021)
මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 22ක කාලයක් පුරා දිව යනවා වගේම Genre එක විදිහට • Animation • Action • Adventure • Drama • Fantasy ගණයට අයත් වෙනවා. IMDb අගය 3/5 ක අගයකුත් ලබාගෙන තියෙනවා.
චිත්‍රපටය බලන්න පුංචි දෙයක් තියෙනවා ඔයාලට විස්තර කරන්න. නැත්තම් චිත්‍රපටය බැලුවට පස්සෙ ඔයාලා අපැහැදිලි ගතියක් දැනෙයි. ඒ තමයි චිත්‍රපටයේ එන චරිතයක්, ඒ කිව්වේ ඩීමන්ලා වගේ කොට්ඨාසයක් ගැන. ඒ තමයි “රෙවෙනන්ට්.”
ජනප්‍රවාදයේ, රෙවෙනන්ට් කියන්නෙ ජීවතුන් අතර හොල්මන් කිරීම සඳහා මරණයෙන් පණ ගැන්වූ බවට විශ්වාස කෙරෙන සජීවිකරණ මළ සිරුරක්. රෙවෙනන්ට් කියන වචනය ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ එහෙමත් නැත්තම් හැදිලා තියෙන්නෙ පැරණි ප්‍රංශ වචනය, රෙවෙනන්ට්(revenant), “රිටර්නින් (returning) – නැවත පැමිණීම” කියන අර්ථය තියෙන රෙවෙනිර් (revenir) කියන ප්‍රංශ ක්‍රියාපදය මුල් වෙලා.
ඉතිං මේ ලිපිය කියවලම චිත්‍රපටය බලන්න ගන්නව නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නෙ. එතකොට වඩා පැහැදිලි බවක් තියේවි. අසාධාරණයට වගේම රණශූරයෙක් වෙන්න අරමුණු කරගත් තරුණයෙක් හා චිත්‍රපටයේ නමේ කියවෙන විදිහටම Mortal Kombat හි ප්‍රධානම Legend ලා දෙන්නා (කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ ✌️?) සමඟින් “කේනෝ” නම් දුෂ්ට රජු වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නෙ. ඉතිං වෙනදට වැඩිය අද ලිපිය දීර්ඝ වුනා මං හිතන විදිහට. ඉතිං තවත් වැඩි කතා නැතුව එහෙනම් වෙනදා වගේම මේ චිත්‍රපටයත් බලන්න ඔයාලට ආරාධනා කරලා මෙතනින් මං නතර වෙනවා.


