CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2762 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Victor Crowley (2017) Sinhala Subtitles

Victor Crowley (2017) Sinhala Subtitles

Sep. 12, 2017United States83 Min.
Your rating: 0
10 1 vote
Victor Crowley (2017) | “බිහිසුණු වික්ටර් ක්‍රව්ලි නැවතත් ඉපදෙයි.”

Victor Crowley (2017) Sinhala Sub
Victor Crowley (2017) Sinhala Subtitle
Victor Crowley (2017) Sinhala Subtitles

 

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත් දන්න අය දන්නවා ඇති මේ චිත්‍රපටිය තනි චිත්‍රපටියක් නෙමෙයි, ඒ කියන්නේ තවත් චිත්‍රපටි තුනකට පස්සේ තිරගත වුන චිත්‍රපටියක් තමයි මේක. කොටින්ම කිව්වොත් මේක හරියටම ෆිල්ම් සීරීස් එකක් වගේ. මේකේ පළමුවෙනි චිත්‍රපටිය තමයි Hatchet (2006) කියන්නේ. මේක අධ්‍යක්ෂණය කළේ Adam Green විසින්.

ඒ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම රූගත කරලා අවසන් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන $1.5 වැය වෙලා තියෙනවා.කොහොම වුනත් ඒක බොක්ස් ඔෆිස් වාර්තාවකුත් තබමින් 2007 වසරේදී අති සාර්තාක ලෙස තිරගත වුනා. ඒ වගේම ගොඩක් දෙනෙක් අතර අති විශාල ජනප්‍රියත්වයකුත් ලැබුවා. IMDb දර්ශකයේ 5.7 ක Rating එකක් ගන්නත් ඒක සමත් වුනා. මේ ජනප්‍රියත්වයත් එක්කම මේකේ දෙවන චිත්‍රපටිය විදිහට 2010 වසරේදී Hatchet II චිත්‍රපටිය නිර්මාණය වනවා. මේකත් අධ්‍යක්ෂණය කලේ Adam Green අධ්‍යක්ෂක වරයාම තමයි. මේකටත් සෑහෙන ලොකු වියදමක් දරලා තිබුනා.

ඉතින් කලින් ලැබූ ජනප්‍රියත්වයත් මත 2010 ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා මෙම චිත්‍රපටියත් සිනමා ලෝකය උඩු යටිකුරු කරමින් තිරගත වුනා. මේකත් IMDb දර්ශකයේ 5.5 ක Rating එකක් ගන්න සමත් වුනා. ඊට අවුරුදු තුනකට පස්සේ 2013 දී Hatchet III චිත්‍රපටිය සිනමා ලෝකයට පැමිණෙනවා. හැබැයි කලින් චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරපු Adam Green නෙවෙයි මේක අධ්‍යක්ෂණය කළේ. මේක අධයක්ෂණය කළේ BJ McDonnell කියන අධ්‍යක්ෂකවරයායි.

ඉතින් අධ්‍යක්ෂකවරයා වෙනස් වුනේ ඇයි කියන එක ගැනත් ගොඩක් දෙනෙක් අතර විශාල කතා බහකුත් ඇති වෙලා තිබුනා. ඒ කොහොම වුනත්, 2013 ජූනි 14 වනදා මේ චිත්‍රපටියත් Hatchet කතා මාළාවට ලොබ බැදගෙන සිටි ප්‍රේක්ෂකයන්ගේ සිත් කුල්මත් කරමින් විශලා ජනප්‍රියත්වයක් මැදින් අති සාර්ථක ලෙස තිරගත වෙනවා.ඒ නිසාමද කොහෙද මේ චිත්‍රපටියත් IMDb දර්ශකයේ 5.7 Rating එකක් ලබා ගන්න සමත් වෙනවා.

ඊට පස්සේ හැමෝම බලාගෙන හිටියේ Hatchet 4 වෙනි චිත්‍රපටිය කවදා පැමිණේවිද කියලයි. කොහොම වුනත් අවුරුදු 4ක් ගත වෙන තුරුත් Hatchet 4 වෙනි චිත්‍රපටියක් ගැන නම් ආරංචියක් ලැබුනේ නෑ. ඒත් Hatchet III තිරගත වෙලා අවුරුදු 4 කට පස්සේ කලින් Hatchet පළමුවෙනි සහ දෙවෙනි චිත්‍රපටි දෙක නිර්මාණය කළ අධ්‍යක්ෂක Adam Green විසින් Hatchet 4 චිත්‍රපටියක් වෙනුවට Victor Crowley 2017 කියලා චිත්‍රපටියක් 2017 වසරේ අගෝස්තු 22 තිරගත කරනවා. විස්වාස කරන්න මේ චිත්‍රපටිය තිරගත වුන වහාම විශාල බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබුවා කියලා තමයි දැනගන්නට ලැබුනේ. කෙසේ වෙතත් අවුරුදු 4කට පස්සේ තිරගත වුනත් Hatchet කතා මාලාවට ආදරය කරපු ප්‍රේක්ශකයෝ නිසාම මේ චිත්‍රපටියත් IMDb දර්ශකයේ 5.5 ක Rating එකක් ගන්න සමත් වෙනවා.

ඉතින් Victor Crowley 2017 චිත්‍රපටිය ගැන කතා කරනකොට මේකේ නිධාන කතාව ඇරබෙන්නේ,
මේකේ පළමුවෙනි චිත්‍රපටියේ ඉදන් ඒ කියන්නේ Hatchet 2006 චිත්‍රපටියේ ඉදන්. නිධාන කතාවේ විදිහට එකෝමත් එක කාලෙක වික්ටර් ක්‍රව්ලී කියලා අසාමාන්‍ය පිරිමි ළමයෙක් ඇමරිකාවේ Honey Island කියලා දූපතක උපත ලබනවා. පුදුමයකට කාරණාවක් කියන්නේ මේ ළමයා උපත ලබන්නේ විරූපි මුහුණක් එක්කයි.

ඒ කියන්නේ දකින කාටවත් බලන්න හිතෙන්නේ නැති විදිහේ පෙනුමක් තමයි ඔහුට තිබුනේ. මේකට හේතුව තමයි Victor Crowley ඉපදෙන්නත් කලින් එයාගේ තාත්තයි අම්මයිඅර Honey Island නම් දූපතේ එක් වුගුරු බිමක් තියෙන තැනක තමයි ගෙයක් හදාගෙන ජීවත් වුනේ. ඉතින් මෙහෙම ජීවත් වෙනකොට Victor Crowley ගේ අම්මට දරුණු ලෙඩක්හැදෙනවා. මේ ලෙඩේ හොද කරන්න වගේම ඇයගේ සාත්තුවට හෙදියක් එක්කගෙන එනවා Victor Crowley ගේ තාත්තා. ඔහොම ඉන්නකොට Victor ගේ තාත්තා සහ මේ හෙදිය අතරේ
යම් විදිහට ආදර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. මේක වික්ටර්ගේ අම්මාට ඉව වැටුනා. ඉතින් ඇය නූපන් තමන්ගේ දරුවා වන වික්ටර් ට ශාපයක් කලා.

ඉතින් ඒ කල ශාපය නිසා වික්ටර් ඉපදෙනකොටම ඔහුට තිබුනේ දරුණු ශාරීරික විකෘති පෙනුමක්. මේ විකෘති පෙනුම දැකපු වික්ටර්ගේ අම්මා ඒ නිසාම හිත් වේදනාවෙන් මිය ගියා. ඇයගේ මරණයෙන් පසුව වික්ටර්ගේතාත්තා ඔහුව කුඩා කල සිටම සානුකම්පිතව ආදරයෙන් බලාගත්තා. ඒත් ඔහුගේ විකෘති පෙනුම නිසා සමාජය ඔහුට වෛර කරයි, සමච්චල් කරයි කියලා වික්ටර්ගේ තාත්තට හිතුනා. ඒ නිසාම ඔහු වික්ටර්ව හදාගත්තේ සමාජයෙන් හංගලා. ඔහු නිවසෙන් පිට කොහේ ගියත් වික්ටර්ව ගේ ඇතුලට දාලා අගුලු දාලයි යන්නේ. සමහරක් වෙලාවන් වලට විතරයි වික්ටර්වත් එක්කන් යන්නේ.

ඉතින් මෙහෙම කාලයක් යනකොට වික්ටර්ගේ පෙනුමට සරදම් කරපු ඒ ගමේම ළමයි කිහිප දෙනෙක් මහ රෑකවික්ටර්ව බය කරලා ගෙදරින් එලියට ගන්න හිතාගෙන රතිඤ්ඤා පත්තු කරලා ගේ ඇතුලට විසි කරනවා. මේ ළමයිට ඕන කම තිබුනේ වික්ටර්ව එලියට අරගෙන වික්ටර්ගේ විකෘති මුහුන හරියටම බලාගන්නයි. ඒත් සිද්ධ වුනේ ගේ ගිනි ගත්ත එකයි. ඉතින් ගෙදර දොරත් අගුලු දාලා නිසා ගින්නට හසු වෙලා ඉන්න පුංචි වික්ටර්ට ගෙදරින් එලියට පැනගන්න බැරිවුනා.

ඒත් එක්කම වික්ටර්ගේ තාත්තා වැඩ ඉවර වෙලා ගෙදරට එනවා. ඇවිත් බලනකොට දැක්කේ ගෙදර ගිනි ගන්නවා. ඒ දැක්ක වහාම වික්ටර්ගේ තාත්තා පොරෝවත් අරගෙන දුවගෙන ගිහින් ගෙදර දොරට කොටන්න පටන් ගත්තා දොර කඩලා හරි වික්ටර්ව එළියට ගන්නවා කියන අරමුණෙන්. එත් වික්ටර්ගේ තාත්තා දැනගෙන හිටියේ නෑ දොරට පොරෝවෙන් කොටනකොට වික්ටරුත් හිටියේ දොර ගාවම කියලා. අනේ ඉතින් දොරට පොරෝවෙන් කොටනකොටම දොර කැඩිලා ගිහින් පොරෝ පාර වැදෙන්නේ වික්ටර්ගේ ඔලුවටයි. ඉතින් මේ පොරෝ පහරින්පුංචි වික්ටර් ක්‍රව්ලී එතනම මැරෙනවා.

ඉතින් වික්ටර්ගේ මේ මිය යාමත් එක්ක තමයි පසු කලෙක එම ප්‍රදේශයම හොල්මන් කරන වඩාත් පිළිකුල් සහගත හා අමානුෂික ආත්මයක් බවට වික්ටර් ක්‍රව්ලිගේ ආත්මය නිර්මාණය වුනේ. ඒ නිසා වික්ටර් සහ ඔහුගේ තාත්තා ජීවත් වූ ඒ Honey Island කියන මඩ වගුර සහිත ප්‍රදේශයට අනවසයෙන් ඇතුල් වන ඕනම කෙනෙක්මරා දමන්න වික්ටර්ගේ අමුනුෂ්‍ය ආත්මය කටයුතු කලා. ඔහු රාත්‍රියේදී ඔහුගේ තාත්තාට හයියෙන් අඩ ගසමින් තමන්ට හමුවන සෑම කෙනෙක්ම මරණයට පත්කලා.

ඉතින් Victor Crowley 2017 මේ කතාවේ වික්ටර් ක්‍රව්ලිට මේ පාර මොකද කරන්නේ? ඇත්තටම මොකක් වේවිද? වික්ටර් සදහටම මිය යාවිද? මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලම ඉමු. සබ් එක හොදයි නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඉදිරියටත් අලුතෙන් එන ෆිල්ම්, මෙතෙක් කලකට කවුරුත් නොකරපු ෆිල්ම් වලට සබ් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ස්තූතියි, ෆිල්ම් එක රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් (CineruLk)
IMDb 5.5 /10 6,136 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Adam Green
Director

Cast

Similar titles

Ustaad (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles
The Pool (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deliver Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Great White (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published