CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3224 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Hunt (2022) Sinhala Subtitles

Hunt (2022) Sinhala Subtitles

Aug. 10, 2022South Korea131 Min.
Your rating: 0
10 5 votes
Hunt (2022) | “දඩයම” | සිංහල උපසිරැසි සමඟ

Hunt (2022) Sinhala Sub
Hunt (2022) Sinhala Subtitle
Hunt (2022) Sinhala Subtitles

කොවිඩ් වලින් අවුරුදු දෙකක් බැටකාලා ටිකක් අඩපණවෙලා තිබුණ කොරියානු සිනමාවට ආපහු සැරයක් හොඳ කාලයක් මේ අවුරුද්දේ ලබල තියෙනවා.ඒ මොකද Box office වාර්තා කුඩුපට්ටම් කරපු චිත්‍රපටි කීපයක්ම මේ අවුරුද්දේ තිරගත වුනා.ඉතිං මං අද අරගෙන ආවේත් ඒ වගේම මේ අවුරුද්දේ ආපු සුපිරිම කොරියානු චිත්‍රපටියකට උපසිරසි අරගෙන. ඇත්තම කිව්වොත් නිකමට වගේ ෆිල්ම් එක අරගෙන බලද්දි තමයි තේරුණේ මේක පට්ට පහරක් කියලා. එවෙලේම සබ් එක කරන්නත් මං බාරගත්තේ අනික් වැඩ පැත්තක තියලා. කොහොමින් හරි ඔන්න අද ඒක මං  ඔයාලා ළඟට අරගෙන ආවා.

අද මං අරගෙන ආවේ මේ අවුරුද්දේ අගෝස්තු 10 වෙනිදා තිරගතවුණ Hunt චිත්‍රපටියයි. Thriller/Mystery ඝණයට අයිතිවෙන මේ චිත්‍රපටියට මේ වෙනකොට 6.9 IMDb අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 67% ක අගයකුත්, 91% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් හිමිවෙලා තියෙනවා. ඒ   මේක වොන් බිලිනය 20 නිෂ්පාදන වියදමකින් කරපු ලොකු වැඩක්.ආදායමත් අතින් යම් සාර්ථකත්වයක් අරගෙන තියෙනවා.මේ වෙනකොට ආදායම $32 million.මිනිත්තු 131ක ධාවන කාලයකින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා.

Cast එක ගැන කතාකරනවනම් මේ වෙනකොට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම සෙට් එකක් ඉන්නේ. ප්‍රධාන වශයෙන් Lee Jung -jae(පාක් ප්‍යොන්ග් හෝ) එයාවනං ඉතිං නොදන්න කෙනෙක් ඉන්න බෑ,ලෝකෙම හොල්ලපු Squid Game (2021~) කතාමාලාවේ ප්‍රධාන චරිතය.ඒ වගේම Jung Woo-sung (කිම් ජොං ඩු),මෙයාවත් ඉතිං නොදන්න කෙනෙක් නෑ,සුපිරිම චිත්‍රපටි දෙකක් වුණ Steel Rain 1,2 වල ප්‍රධාන චරිතය.ඒ වගේම Go Yoon-jung(ජෝ යූ ජං), Jeon Hye- (ජූ ක්‍යුං), Heo sung- tae(නියෝජිත ජන්ග්) වගේ තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් ප්‍රමානයක් දායක වෙලා තියෙනවා.

Hunt (2022) - IMDb

මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් අළලා නිර්මාණය කරපු එකක්.ෆිල්ම් එක බලන්න කලින් මේ චුට්ටත් කියවලා යන්න නැත්තං බලාගෙන යද්දි සමහර තැන් තේරෙන්නෙ නැතිවෙයි. චිත්‍රපටියට අදාළ සිදුවීම් වෙන්නේ 1980-1983 අතර කාලය ගැනයි. 1961 දී නිදහස් දකුණු කොරියාවේ තුන්වෙනි ජනාධිපති හැටියට පාක් චුන්ග්-හී පත් වෙනවා. ඔහු කොරියානු ඉතිහාසයේ හිටපු කෲරතම ඒකාධිපතියෙක් කියලා තමා සඳහන් වෙන්නෙ.එයා තමා KCIA(කොරියානු මධ්‍යම බුද්ධි ඒජන්සිය) ස්ථාපිතකරන්නෙත්.එයා ඒ සංවිධනය යොදාගන්නෙත් තමන්ගේ පාලනය පවත්වාගෙන යන්න. දන්නවනේ බුද්ධි අංශ් සේවාවකට කරන්න පුළුවන් දේවල්.නිදහස්වුන දා ඉඳන් යුද්ධ වලින් බැටකාපු මිනිස්සුන්ටත් තව ඒකාධිපති පාලකයෙක් පත් උණ එක දරාගන්නත් බැරිවුණා.එ නිසා මිනිස්සු කැරලි කෝලාහල,උද්ඝෝෂණ කරන්නගත්තත්,මේ ජනාධිපති ඒ සේරම දේවල් වෙඩි උණ්ඩයෙන් යටපත් කරා.ඒත් 1979 ඔක්තෝම්බර් 26 වෙනිදා මේ පාක් චුන්ග්-හී කුමන්ත්‍රණයකින් ඝාතනය වෙනවා.මේ මරණයත් එක්ක මුළු රටම ආපහු වතාවක් වියවුළට පත්වෙනවා වගේම ඊළඟට ජනපති වුණ චෝයි ක්‍යු හා ට බහුතර මනාප නොතිබුණ නිසා හමුදා කුමන්ත්‍රණයකින් කොරියානූ හමුදාවේ මේජර් ජෙනරාල් චන් ඩූ හ්වාන් පාලන බලය අල්ලනවා.එයාගේ පාලන සීමාවට අදාළව තමා මේ චිත්‍රපටියේ කතාවත් දිවෙන්නේ.ඒ වෙනකොටත් පැනනැගිලා තියෙන උද්ධමනය,ආහාර ගැටලු,නිදහස ආදියට විසඳුම් ඉල්ලලා ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ,පෙළපාලි කළකෝලාහල සිදුකරන්න පටන්ගත්තා.එයිනුත් විශේෂ වෙන්නේ හමුදාව යොදා ග්වන්ජු පළාතේ උද්ඝෝෂණයේ නිතර වුණ පුරවැසියන්ව මර්ධනයට කරපු ජන සංහාරයයි.ඒකෙනුත් වුණේ රටේ කලබල දෙගුණ තෙගුණ වුණ එකයි.

Hunt (2022) - IMDb

හරි එහෙනම් කතාව පැත්තට ආවොත් මේ වෙනකොට (1983) KCIA විදේශ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා විදිහට පාක් ප්‍යොන් හෝත් දේශීය මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා විදිහටත් කිම් ජොං ඩූත් සේවය කරනවා.මේ කිම් ජොං ඩූ ග්වන්ජු සං‍හාරය වෙනකොට හමුදාවේ හිටපු මේජර්වරයෙක්.ඒ කාලේදී රජය කරන හැම රහස් වැඩකම තොරතුරු පිටට යාමේ අවධානම එනවා.ඒ කියන්නේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියන එක.එයාලා ඒ ඔත්තුකාරයාට දාලා තියෙන නම තමා ඩොන්ග්ලිම්.ඔය අතරේ උතුරු කොරියාවට ඇතුල් වෙන දකුනු කොරියාවේ හමුදා ඛණ්ඩයකුත් ඩොන්ලිම්ගේ තොරතුරු දීම නිසා ඝාතනය වෙනවා.එ වගේම පාක් ප්‍යොන්ග් හෝ ගේ කණ්ඩායම ටෝකියෝ නුවරදී මෙහෙයුමක් අසාර්ථකවෙලා කණ්ඩායමේ සාමාජිකයෝ කීපදෙනෙක්ම මරුමුවට පත්වෙනවා.ඒත් ඒකෙන් මෙයාලා ඩොන්ග්ලිම් ගැන වැදගත් තොරතුරු හොයාගන්නවා.ඒ අය හොයාගන්නවා ඩොංලිම් කියන්නෙ රජයේ ඉහළ නිළධාරියෙක් කියලත්.මේ වෙනකොට විදේශ් ඒකකයේ නායකයා පාක් ප්‍යොන්හෝ ගේ ක්‍රියාකලාපය සැකසහිත නිසා එයා ගැන හොයන්න ගන්නවා,ඒ වගේම පාක් ප්‍යොන් හෝ කිම් ජොං ඩූගෙත් රහස් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ඉව වැටිලා ඒ ගැන හොයන්න ගන්නවා. ඒ අතරේ ලොකු මෙහෙයුමකට උතුරේ ඉඳන් දකුණ ආව ක්‍රියාකාරීන්  ගැනත් හෝඩුවාවන් හම්බවෙනවා.

මීට වැඩිය නං මට කියන්න බලාපොරොත්තුවක් නෑ,එහෙනම් කතාව බලලා රසවිඳලා කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියන ගමන් මම දැනට සමුගන්නවා.ඔයාලට සුභම සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්මිණ රුවිශාන් (Cinerulk)
IMDb 6.9 /10 1,316 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Lee Jung-jae
Director

Cast

Lee Jung-jae isPark Pyung-ho
Park Pyung-ho
Jung Woo-sung isKim Jung-do
Kim Jung-do
Jeon Hye-jin isBang Ju-kyung
Bang Ju-kyung
Heo Sung-tae isJang Chul-sung
Jang Chul-sung
Go Youn-jung isJo Yoo-jung
Jo Yoo-jung
Kim Jong-soo isDirector Ahn
Director Ahn
Jeong Man-sik isYang Bo-sung
Yang Bo-sung
Lim Hyung-kook isTransposer
Transposer
Jung Kyung-soon isChun Bo-san
Chun Bo-san
Jung Jae-sung isPyo Dong-ho
Pyo Dong-ho

Similar titles

The Witch: Part 2 The Other One (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Winter Lake (2021) Sinhala Subtitles
Aravindha Sametha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanthaswamy (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khuda Haafiz 2 Agni Pariksha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sword of the Stranger (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Killer (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published