EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nightmare Alley (2021) | නපුරු සිහින පටු මාවත. [සිංහල උපසිරසි] 18+

Nightmare Alley (2021) Sinhala Sub
Nightmare Alley (2021) Sinhala Subtitle
Nightmare Alley (2021) Sinhala Subtitles

 

ඔන්න එහෙන අරගෙන ආවා 2021 වසරෙ නිකුත් උන තවත් සුපිරියක්. IMDB 7 යි. කුණූ තක්කාලි 80 %, ඔස්කාර් නිර්දේශිතයි, සත්‍ය සහ බොරුව, මිත්‍යාව සහ විද්‍යාව, මායාව සහ යථාර්ථය , මනුෂ්‍යත්වය සහ අමනුෂ්‍යත්වය ,පුද්ගලභාවය සහ සමාජය ගැන එකවර උගන්වන පාඩමක් වගේ. මේ චිත්‍රපටය. මාරම ලස්සනයි . කතාව ගලාගෙන යන ආකාරය. කතාව මේ විදිහට වේවි, මේ විදිහට ඉවරවෙයි කියල අපට කලින් ඉඟිකර ගත හැකි වුනත් ඉතාම රහට නිම කරල තියෙනවා.

මේ චිත්‍රපටිය අපිට උගවන්නවා මිනිසුන්ගේ දුක අල්ලල, තමන්ගෙ බඩ වියත සවි කරගන්න හොඳ නෑ කොතනකදිවත්. ඒක යාදෙන්නෙ නෑ, පටිසන් දෙනවමයි. නමුත් වර්ථමානයේ පමණක් නොවේ අතීතයේ පටන් එහෙම තමා ඇවිත් තියෙන්නෙ මේ සමාජක්‍රමය. පහසුවෙන් මුදල් උපයන ක්‍රම මිනිස්සු හොයා ගන්නවා, ඇඟ නොවෙහෙසවා මුදල් උපයන ක්‍රම සොයාගන්නවා, බොරුවෙන්, වංචාවෙන් තමා බහුතරයක් ඒ කෙටි ක්‍රම සමන්විත වෙලා තියෙන්නෙ.

මිනිහෙක්ගෙ දුක දුටු තැන වල ඉහගන්න එක දැං රැල්ලක් වෙලා. මේ සමාජය තුල වේගයෙන් දුක වේදනාව මිනිසුන් තුල පැලපදියම් වනවා වැඩියි, මොකද මිනිස් අවශ්‍යතා වැඩියි, ඒවා සපුරා ගන්නට දුවන වේගය වැඩියි සේම තරඟයත් වැඩියි..ඉතිං පරාජය වෙනවාත් වැඩියි..ඉතිං දුකත් වැඩියි. අන්න ඒ වෙලාව එනතුරු බලාගෙන ඉන්න ලේ බොන කූඬැල්ලො වගේ පිරිසක් ඉන්නවා..මම සහනයක් වෙන්නම් කියල..ඒ අය හොඳට පුරුදු පුහුණු වෙලා ඉන්නෙ අනුන්ගෙ දුක සමනය කරන්නම. නමුත් අවසානයේ ලේ බීලමයි යන්නෙ. මේ උපහැරණ ටිකට සරිලන සිනමාත්මක නිදසුනක් තමා මේ චිත්‍රපටය.

මේ විජ්ජාව සමාජගත කරන්නට Bradly Cooper, Cate Blanchett , Rooney Mara , Ron Perlman යන විශිෂ්ට නළුනිළි කැලක් දායක වෙනව. ඇත්තටම මේ සිනමාව කියන්නෙත් ඇස් බැන්දුමක් හැබැයි මනස විවෘත කරන, සමාජය පෙලන විජ්ජාවක් නෙමේ සමාජය තාර්කික කරන විජ්ජාවක්. සිනමාව පරිශීලනය කලැයි කියල කවදාවත් පාඩු වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය ඒකට මසුරං උදාහරණයක්.

නපුරු සිහින මාවතක ඔබ යන්නේ ඇයි අධ්‍යක්ෂක Guillermo del Toro (Mexican film director) කියල මෙයා හොදට කියල දෙනවා.එතුමා මේ මයාවන් සමග අති දක්ෂ ලෙස ගනුදෙනු කරන කෙනෙක්. අද්භූත රසය මවනා සුරංගනා කතා තේමාව කරගත් චිත්‍රපට නිර්මාණය කරන මෙක්සිකෝවෙන් බිහිවූ චිත්‍රපට අධ්‍යක්ෂ Guillermo del Toro ගේ චිත්‍රපට කොපමණ ප්‍රමාණයක් ඔබ නරඹා තියෙනව ද?

The Devil’s Backbone 2001

Blade II 2002

Hell boy 2004

Pan’s Labyrinth 2006

Hell boy II: The Golden Army 2008

Pacific Rim 2013

Crimson Peak 2015

The Shape of Water 2017

අනික එතුමාට මේ ඔස්කාර් රාත්‍රීන් අලුත් නෑ. මෙවර මායාවට වැඩිම බරක් නොදී සමාජ යථාර්ථය සමග සමාන්තරව ගමන් කරන මායාවෙ මිත්‍යාව හෙලි කිරීමක් තමා අධ්‍යක්ෂවරයා කරල තියෙන්නෙ. චිත්‍රපටියෙ අවසානෙ හරි රහට ඉවර කරල තියෙනවා. එහෙනම් ජය වේවා..

Comments