
(Naane Varuvean (2022) Sinhala Sub) (Naane Varuvean (2022) Sinhala Subtitles) (Naane Varuvean Sinhala Sub)
නානෙ වරුවේන් නොහෝත් මංම එනවා ,
සුභ දවසක් වේවා හැමෝටම ඉතිං සුපුරුදු පරිදි දනුෂ්ගෙ ඩයිහාඩ් ෆෑන් කෙනෙක් වෙන මම නමින් අශේන් කවද හරි සබ් කරන එක නවත්තන දවස වෙනකල් එක ෆිල්ම් එකක්වත් අතාරින්නේ නෑ , ඉතිං වැඩරාජකාරී දාහක් මැද්දේ තමා ගීතත් එක්කම මේ උපසිරැසියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ..
මේක හොරර් ත්‍රිලර් කියලයි වර්ග කරල තියෙන්නේ. කතාව ධනුෂ්ම ලියල තියෙන්නේ. ඒ වගේ එයාගේ සහෝදරයා සෙල්වරාගවන් තමයි මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ. ඉතින් මේ දෙන්නම වැඩ්ඩෝ නිසා ෆිල්ම් එකත් හොදයි කියන්න පුලුවන්. ප්‍රධාන චරිතය ධනුෂ්ම ද්විත්ව චරිතයකින් රගපාල තියෙන්නේ. ඒ වගේම සෙල්වරාගවනුත් චරිතයක් කරනවා. කෙල්ලට ඉන්නේ අපේ බිගිල් එකේ වෙම්බු නොහෝත් ඉන්දුජා. ලොකු චරිතයක් කරන්න නැති වුනත් ඉන්න ටිකේ හොදයි කියන්න පුලුවන්. සංගීතය යුවන් සංකර් රාජාගෙන් ඒ ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. හොද ගැම්මක් ෆිල්ම් එකට ලබා දීල තියෙන්නේ. සිනමාකර්ණය ඕම් ප්‍රකාෂ් විසින්ද සංස්කර්ණය බුවන් ශ්‍රිණිවාසන් විසින්ද මෙහෙයවා ඇත. මේ දෙකත් මේ සිනමාවේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දීල තියෙනවා. නිෂ්පාදන දායකතවය කලයිප්පුලි එස් දානු විසිනි. 29 සැප්තැම්බර් 2022 තිරගත වු මේ චිත්‍රපටය විනාඩි 122 කාළයක් හිමිකරගෙන ඇත.
කතාව ගැන බැලුවොත් ප්‍රභූ හා කදිර් දෙන්නා නිවුන්නු. කදිර් කුඩා කල පටන්ම හරිම ගුප්ත කෙනෙක් වෙනවා. මේ ගුප්ත බව මානසික ව්‍යාධියකට පෙරෙලෙන අතර එයට පවුලේ සමහර ක්‍රියාකලාපද බලපාන්න ගන්නවා. මේ මානසික ව්‍යාධිය නිසාම එයාගේ තාත්තට අනතුරක් වෙනවා මේ වගේ හේතුනිසා කදිර්ව අම්මා අතරමං කරවනවා. මේ අතරමං වෙන කදිර් ප්‍රභූට හම්බවෙන්නේ කොහෝමද ? ඒ ඇයි ? ඒ හමුවීමෙන් මොකක් වෙන්න පුලුවන්ද ? ඒකටනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
Naane Varuvean පිළිබද නොයෙක් පුද්ගලයින් දක්වා තිබූ අදහස්
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 410.51 MB | Tamil | |
WEBDL HD 720p | 799.38 MB | Tamil | |
WEBDL FHD 1080p | 1.41 GB | Tamil |