EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nawabzaade (2018) | සුරූපිණියකගේ මායම…

බොලිවුඩ් සිනමාලෝලීන් වේලෙමින් ඉන්න මොහොතක ඔන්න තවත් ආතල් හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම.. හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කීපයක්ම වෙනවා.. ස්ලෝ බීට් එකෙන් තමයි සබ් එක කරන්න උනේ.. ප්‍රමාදයට දහස්වරක් සමාව ඉල්ලන ගමන් දිගහැරින්නම් කතාව මේ විදිහට. රොමැන්ටික්, කොමඩි කැටගරියට වෙන් වෙමින් පහුගිය ජූලි 27 තිරගතවීම ආරම්භ කරපු Nawabzaade චිත්‍රපටිය Jayesh Pradhaගේ අධ්‍යක්ෂණයක්.චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ Lizelle D’souza සමගින් Mayur K. Barot.

ටිකක් හිනාවෙන්න පුළුවන් මේ අවුරුද්දේ ආව හොඳ කොමඩියක් කිව්වොත් නිවැරදියි. ABCD චිත්‍රපටි මාලාවේ රඟපෑ Raghav Juyal , Punit Pathak, Dharmesh Yelande මෙන්ම සුරූපී Isha Rikhi එහෙමත් මේ සඳහා රංගනයේ නිරතවෙනවා. Vijay Raaz එහෙමත් තම දක්ෂ රංගන දායකත්වය මේ සඳහා සපයලා තියෙනවා. කතාව ගැන කිව්වොත් චිත්‍රපටිය ඉවරවෙන වෙලාව වෙනකල් අපි නොහිතපු දේවල් තමයි සිද්ද වෙන්නේ. කොල්ලෝ තුන් දෙනෙක්ට අහම්බෙන් ලස්සනම ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා. ඉතින් මේ තුන් දෙනාටම මේ කෙල්ලට එකට ආදරේ හිතෙනවා. නමුත් මේ හොඳම යාළුවො තුන්දෙනා මේ කෙල්ල නිසා ටිකක් වෙනස් වෙනවා. එකෙක්ට එකෙක් නොදෙවෙනි විදිහට කෙල්ලට ලව් කරන්න ගන්නවා.. ඒත් අන්තිමේදී වෙන්නේ කවුරුවත්ම නොහිතපු දෙයක්.. ඔව්.. කෙල්ල වෙන කෙනෙක් එක්ක යනවා. කියල තමයි ඔයාලට වගේම මටත් මේක බලාගෙන යද්දී හිතුනේ.. ඒත් ඒක එහෙම නෙවෙයි.. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.

නිදිමත නැතුව හිනාවෙවී බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් කියලා විස්වාසයෙන් කියන ගමන් යන්න කලින් වෙනද වගේම බයිස්කෝප් ටීම් එකේ හැමෝමවත් මෙන්ම ඇඩ්මින් මඩුල්ලේ සහෝදරයින් පිරිසත් මතක් කරනවා. එමෙන්ම ලොස් නැතුව කමෙන්ට් එකක් දාගෙන යන පිංවතුන්ටත් හදවතින්ම ස්තුතිය පුදකර සිටින ගමන් තවත් සුපිරි චිත්‍රපටියක් ළඟදීම ගෙනෙන බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.. සැමට ජයෙන් ජය !!!

Comments