CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3512 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 10, 2018United States89 Min.
Your rating: 0
8.3 3 votes
Along Came the Devil (2018) AKA Tell Me Your Name Sinhala Subtitles | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත්, බිහිසුණු අමනුෂ්‍යය ආත්මය…!

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින් කොහොම හරි කාලය ගතවෙලා ඈෂ්ලි වගෙම ජෝර්ඩනුත් තරුණ වයසට පත්වෙනවා. අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා ජෝර්ඩන්ට ඈෂ්ලිගෙන් ඈත්වෙන්න සිද්දවෙනවා. ජෝර්ඩන් ඉගෙනීම් කටයුතු වලට දුර බැහැරකට ගිය නිසා ඈෂ්ලි ආපහු එයාල කලින් ජීවත් වුණු ගම් පළාතට ඇවිත් එයාලගෙ නැන්දා, ටානියාගෙ ගෙදර නතරවෙනවා.

ඈෂ්ලිගෙ ජීවිතේට කණකොකා අඬන්න පටන්ගන්නෙ ටානියාගෙ ගෙදරට ආවට පස්සෙ. ඈෂ්ලිට නොයෙක් විදිහෙ අමුතු ශබ්ද වගෙම කම්පන ඇහෙන්න, දැනෙන්න පටන්ගන්නවා. පාර්ටියකට ගිය වෙලාවක අමුතු කාන්තා රූපයකුත් ඈෂ්ලිට පේනවා. ඉතින් මේ සිද්දවෙන අමුතු දේවල් එක්ක ඈෂ්ලි හිතන්නෙ එයාගෙ මැරුණු අම්මා ආපහු ඇවිත් කියලයි. ඉතින් ඒ ගැන හරියටම දැනගන්න කියල ඈෂ්ලියි එයාගෙ යාළුවා හැනායි එකතුවෙලා පොඩි යාතුකර්මයක් වගේ වැඩක් කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ මේ දේවල් තවත් දරුණු වෙන එක විතරයි. හැනා දැනගන්නවා ඈෂ්ලිගේ ගෙදර ඉන්නෙ දරුණු අමනුෂ්‍ය ආත්මයක් බව. හැනා ඒ ගැන ඈෂ්ලිට කිව්වත් එයාට මේ සිද්දවෙන කිසිම දෙයක් ගැන තේරුම් ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ටිකෙන් ටික ඈෂ්ලිගේ හැසිරීම වගෙම ආසාවනුත් වෙනස් වෙන්න පටන්ගන්නවා. ඉතින් මෙතනින් එහාට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ… ඈෂ්ලිට මොකක්ද මේ සිද්දවෙන්න යන්නෙ කියල බලන ඔයාලට දැනගන්න ලැබෙයි…

සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගනිමින්, Drama | Horror | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 අගෝස්තු මස දහවැනිදා පටන් තිරගත වීම ඇරඹූ මෙම සලරුවේ අධ්‍යක්ෂණය Jason DeVan විසින් සිදුකර ඇති අතර තිර පිටපත නිමවා ඇත්තේ Jason DeVan, Heather DeVan හා Dylan Matlock විසිනුයි. The Handmaid’s Tale කතා මාලාවේ සහ Sharp Objects (2018) හා Under the Silver Lake (2018) යන චිත්‍රපට වලට රංගනයෙන් එක් වූ Sydney Sweeney විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබාදී තිබෙනවා. සෙසු චරිත සඳහා Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas තම රංගනයෙන් දායකවී තිබෙනවා. මිනිත්තු 89ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සලරුවට 4.3/10 IMDb අගයක් සහ Google පරිශීලකයින්ගේ 72%ක මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.

“මම කිසිම මනුස්සයෙක් නොදැකපු තරම් අමනුෂ්‍යයෝ දැකල තියෙනවා.”

                                                                                                  – මයිකල්

Along Came the Devil 2 (2019)
Link –  https://cinesubz.lk/movies/along-came-the-devil-2-2019-sinhala-subtitles/

Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු සම්පත් සිරිසේන (Baiscopelk)
IMDb 4 /10 1,640 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jason DeVan
Director

Cast

Jessica Barth isTanya Winbourne
Tanya Winbourne
Matt Dallas isPastor John
Pastor John
Bruce Davison isReverend Michael
Reverend Michael
Heather DeVan isSarah Winbourne
Sarah Winbourne
Austin Filson isShane Stevens
Shane Stevens
Ahmed Lucan isDr. Carraz
Dr. Carraz

Similar titles

Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knocked Up (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Noryang: Deadly Sea (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Acid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Beyond: Return of the Joker (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost World: Jurassic Park (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published