EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMere Hamdam Mere Dost (1968) | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා!
සුනිල්, දිල්ලි නගරයේ ඔහුගේ මව සහ සහෝදරිය සමඟ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරයි. ධනවත් පවුලක සුන්දර තරුණියක් වන ඇනීටා සිතුවමක් සඳහා පෙනී සිටින විට සුනිල්ට හමුවේ. එවෙලේ ඇයගේ පෙනුම අනුව සුනිල් සිතන්නේ ඇය දුප්පත් පවුලක් තරුණියක් බවයි. ඒ නිසා ඔහු විසින් ඇයට තෑගී පිරිනමයි. පසුව දෙදෙනාම එකිනෙකාට ආකර්ෂණය වේ. එතැන් සිට තමා ධනවත් පවුලක කෙනෙක් නොවන ලෙස ජීවත්වීමට ඇනීටාට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙයි. පසුව සුනිල් සහ ඇනීටා විවාහ වීමට අදහස් කර, සුනිල් තම මවට ඇනීටාව හඳුන්වා දෙයි. දිනක් සාදයකට සහභාගී වෙමින් සිටියදී ඇනීටා ධනවත් පවුලක කෙනෙක් බව දැනගත් සුනිල් කනගාටුවට පත් වෙයි. මේ රැවටිල්ලෙන් තුෂ්නිම්භූත වූ ඔහු ඇය සමඟ කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැති බවට දිවුරා කියා සිටිනවා. ඇනීටා මේ දේවල් සමනය කිරීමට උත්සාහ කරන විට, ඇනීටාගේ පවුලට සම්බන්ධ අජිත් නැමැත්තෙක් ඇනීටාව විවාහ කරගැනීමේ අදහසින් සිටින ඔහු මේ සම්බන්ධය දැනගෙන එය කඩා දැමීමට සැලසුම් කරයි. එහිදී සුනිල්ගේ මව හමුවෙයි. සුනිල් කුඩා කාලයේදී තමාගේ පියා මරා දමන ලද ඝාතකයා ගැන හෙළිවෙයි. එතැන් සිට ගැටළු රාශියක් පැන නඟී. මේ නිසා අවසානයේ කුමක් සිදු වේවිද? ධමේන්ද්‍ර සහ ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්,ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තරඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, ප්යාර් දිල් ලයා හූන්, පාතාර් කී සනම්, සද්නා, ජබ් පාර් කිසිසේ හෝතා හේ.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.ස්තූතියි!


