CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3672 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 18, 2021United States92 Min.
Your rating: 0
10 7 votes
Nobody (2021) | මම කවුරුවත් නෙවෙයි!

2021 මාර්තු 18 දින තිරගත වීම ආරම්භ කළ NOBODY සිනමාපටය IMDB අගය 7.8ක් ලබා ගන්නෙ කුණු තක්කාලි දර්ශක අගය 82%ක් තරම් ඉහළ අගයක රදවා ගනිමින්. ඒ වගේම සැලකිය යුතු අදායමක් ලබන්නටත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නත් සමත්කම් දක්වනවා. Ilya Naishuller අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටයේ තිර රචනය සිද්ධ වෙන්නෙ ජෝන් වික් සිනමාපට පෙළෙහි තිර රචකයෙකු වන Derek Kolstad අතින්. ඒ නිසාමදෝ මන්දා මේකෙත් සටන් ක්‍රියාදාම බහුලව දැකගන්න පුළුවන්.

සිනමාපටයේ ප්‍රධාන චරිතය සදහා Better Call Saul, Breaking Bad වැනි කතාමාලාවලින් ඔබ දැන හදුනා ගත් Bob Odenkirk සිය දායකත්වය දක්වනවා. තවද Gladiator, wonder woman සිනමාපටවල රග පෑ Connie Nielsen, ප්‍රසිද්ධ back to the future සිනමාපටවල රග පෑ Christopher Lloyd යන අය සිය අද්විතීය රංගනයෙන් දායක වෙනවා.

සිනමාපටයේ කතා නායකයා, එනම් හච් මැන්සෙල් කියන්නෙ සාමාන්‍ය විදිහට කම්මැලි ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අනිත් හැමෝගෙම වගේ නීරස ජීවිතයක් තමයි මෙයා ගෙවන්නෙ. හැබැයි දවසක් මේක වෙනස් වෙනවා. ඒ ගෙදරට හොරු දෙන්නෙක් පනින එකත් එක්ක. හච්ට තමන්ගෙ පුතා එක්ක එකතු වෙලා හොරු දෙන්නවම අල්ලන්න අවස්ථාව ලැබිලාත් හච් තීරණය කරනවා ඒ දෙන්නට යන්න දෙන්න. හැබැයි මේ සිද්ධිය නිසා පුතා තාත්තා එක්ක ටිකක් අවුලෙන් ඉන්නෙ. අවුලෙන් කියනවට වඩා තාත්තව බයගුල්ලෙක් හැටියට තමා බලන්නෙ.

ඉතින් මේ ගැන හිතේ අමාරුවෙන් හච් ඉන්දැද්දි දුවගෙ බ්‍රේස්ලට් එකක් නැති වීම නිසා හච් තීරණය කරනවා හොරු දෙන්නව හොයා ගෙන යන්න. ඉතින් ඒ ගමනේ ප්‍රතිපලයක් විදිහට හච් මගදී ගෑණු ළමයෙකුට උදව්වක් කරන්න යන එකෙන් මහා ලොකු නස්පැත්තියකට අත වනනවා. ඉතින් සමාජයෙ සරල, කම්මැලි ජීවිතයක් ගෙවන හච් රුසියානු කල්ලියක් එක්ක තමයි පැටලෙන්නෙ.

ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට, කවුරුවත් නොවෙන කෙනෙක් විදිහට, නිකම්ම කෙනෙක් විදිහට ජීවත් වුන හච්ට කල්ලියක් එක්කලා හැප්පෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ හච් ලෝකෙට පේන්න ඉන්නවට වැඩිය වෙනස් කෙනෙක්ද? මේ සිද්ධියෙන් හච්ට සහ පවුලේ අයට මොනා වෙයිද කියන දේවල් ඔයාලා බලලාම දැනගන්න.

එහෙමනම් පෑ එකහාමාරක් පුරා නොනවතින ක්‍රියාදාමවලින් සපිරි සුපිරිම සිනමාපටයක් නරඹන්න කට්ටියට ආරාධනා කරමින් මා සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුකප්‍රිය පෙරේරා (Baiscopelk)
IMDb 7.4 /10 246,701 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Bob Odenkirk isHutch Mansell
Hutch Mansell
Connie Nielsen isBecca Mansell
Becca Mansell
Christopher Lloyd isDavid Mansell
David Mansell
Aleksey Serebryakov isYulian Kuznetsov
Yulian Kuznetsov
RZA isHarry Mansell
Harry Mansell
Michael Ironside isEddie Williams
Eddie Williams
Colin Salmon isThe Barber
The Barber
Billy MacLellan isCharlie Williams
Charlie Williams
Gage Munroe isBlake Mansell
Blake Mansell

Similar titles

Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thief and the Cobbler (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Guardians (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Equalizer 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lara Croft: Tomb Raider (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hello! (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published