Nobody (2021) | මම කවුරුවත් නෙවෙයි!

 

සිනමාපටයේ කතා නායකයා, එනම් හච් මැන්සෙල් කියන්නෙ සාමාන්‍ය විදිහට කම්මැලි ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අනිත් හැමෝගෙම වගේ නීරස ජීවිතයක් තමයි මෙයා ගෙවන්නෙ. හැබැයි දවසක් මේක වෙනස් වෙනවා. ඒ ගෙදරට හොරු දෙන්නෙක් පනින එකත් එක්ක. හච්ට තමන්ගෙ පුතා එක්ක එකතු වෙලා හොරු දෙන්නවම අල්ලන්න අවස්ථාව ලැබිලාත් හච් තීරණය කරනවා ඒ දෙන්නට යන්න දෙන්න. හැබැයි මේ සිද්ධිය නිසා පුතා තාත්තා එක්ක ටිකක් අවුලෙන් ඉන්නෙ. අවුලෙන් කියනවට වඩා තාත්තව බයගුල්ලෙක් හැටියට තමා බලන්නෙ.

ඉතින් මේ ගැන හිතේ අමාරුවෙන් හච් ඉන්දැද්දි දුවගෙ බ්‍රේස්ලට් එකක් නැති වීම නිසා හච් තීරණය කරනවා හොරු දෙන්නව හොයා ගෙන යන්න. ඉතින් ඒ ගමනේ ප්‍රතිපලයක් විදිහට හච් මගදී ගෑණු ළමයෙකුට උදව්වක් කරන්න යන එකෙන් මහා ලොකු නස්පැත්තියකට අත වනනවා. ඉතින් සමාජයෙ සරල, කම්මැලි ජීවිතයක් ගෙවන හච් රුසියානු කල්ලියක් එක්ක තමයි පැටලෙන්නෙ.

ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට, කවුරුවත් නොවෙන කෙනෙක් විදිහට, නිකම්ම කෙනෙක් විදිහට ජීවත් වුන හච්ට කල්ලියක් එක්කලා හැප්පෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ හච් ලෝකෙට පේන්න ඉන්නවට වැඩිය වෙනස් කෙනෙක්ද? මේ සිද්ධියෙන් හච්ට සහ පවුලේ අයට මොනා වෙයිද කියන දේවල් ඔයාලා බලලාම දැනගන්න.

එහෙමනම් පෑ එකහාමාරක් පුරා නොනවතින ක්‍රියාදාමවලින් සපිරි සුපිරිම සිනමාපටයක් නරඹන්න කට්ටියට ආරාධනා කරමින් මා සමුගන්නවා.

Comments

September 10, 2025

Tnx