EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Siruthai (2011) | පළමුව රාජකාරිය, දෙවනුව ජීවිතය

2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්ශකයේ ඉහලම ඇති ගීත කීපයක්ද ඇතුලත්ව ඇති සොදුරු සිනමා සිත්තමකි. කර්තික් මෙහි ප්‍රධාන චරිත 2 කට පණ පොවන අතර සුරෑපී නිලි තමන්නා බාති ඇතුලු සුපිරි නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙයි.. මෙහි අධ්‍යක්ෂණය සුපිරි සිනමා කතාකරු සිවාගෙනි.

කතා තේමාව…
රොකට් රජා (කර්තික්) තමන්ගේ දක්ෂතාවය උපයෝගීකර ගනිමින් හොරකම් කරන පුද්ගලයෙකි. කාටුපුචි ඔහුගේ සමීපතම මිතුරාය.. වෘත්තීය හොරකමකට ගොස් අහම්බෙන් හමුවන තම ආදරවන්තියද කෙටි කලකින් අහිමි වන්නේ ඔහුගේ හැඩරුව ඇති රත්නවේලි පාන්ඩියන්නම් පොලිස් කාරයෙකු නිසාය… මෙහිදී රොකට් රජා මුහුණ දෙන ගැටලු සහ ඒවා ඔහුගේ දක්ෂතාවයෙන් විසඳා ගන්නා ආකාරය සහ රත්නවේලී පාන්ඩියන්ට අවසන් කිරීමට නොහැකි වූ රාජකාරියේ ඉතිරි කොටස,ඔහු විසඳන ආකාරය හාස්‍යය සමගින් පුරා විනාඩි 154 ක් පුරා සිංහල උපසිරැසි සමගින් රස විඳින්නට ඔබටත් ආරාධනා…

Comments