EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Harry Bradbeer, Jane Houston, Sarah Hayward, Scott Bunce, Zoe Liang
Cast
Go Full Cast PageEnola Holmes 2 (2022) | ජනප්‍රිය වෙන්න පුලුවන් ෂර්ලොක්ට විතරද?
ජනප්‍රිය නළු/නිලියන් රැසක්ම යොදා ගනිමින් නිර්මාණය කර 2020 වසරේදී නිකුත් වූ Enola Holmes චිත්‍රපටයෙ දෙවැනි කොටසට අදාල උපසිරැසිය අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. මුල්ම චිත්‍රපටය නරඹා නැත්තම් මේක බලන්න එපා. චිත්‍රපටයට පාදක වුන දේවල් එක්කම මුල් චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්න ලිපියෙ ඇතුලත් කරලා තියෙනවා. ඒකත් කියවලා මුල් කොටස බලලා එන්න.
මුල්ම Enola Holmes චිත්‍රපටය නිකුත් වෙලා Netflix තුල වැඩිම දෙනෙක් නැරඹු චිත්‍රපට අතරට එක් වෙමින් ලැබූ අතිසාර්ථකත්වය මතම 2020 වසරේම සැප්තැම්බර් මාසයේදී Netflix ආයතනය නිවේදනය කරනවා මෙහි දෙවැන්නක් නිර්මාණය වනවා කියලා. සුපුරුදු පරිදි එනෝලා හෝම්ස් චරිතය ‘Millie Bobby Brown’ විසින්ද, ෂර්ලොක් හෝම්ස්ගෙ චරිතය ‘Henry Cavill’ විසින්ද ප්‍රධාන චරිත විදිහට නිරූපණය කරද්දී සෙසු චරිත වෙනුවෙන් David Thewlis, Louis Partridge, Susie Wokoma, Adeel Akhtar, Sharon Duncan-Brewster, Helena Bonham Carter යන අයගෙ එකතුවෙන් සිදු වී තියෙනවා. තරමක කාර්යබහුල කාර්ය සටහනක් තිබුණු නිසාම මයික්‍රොෆ්ට් හෝම්ස් චරිතය නිරූපණය කල ‘Sam Claflin’ මේ වතාවේ දකින්න ලැබෙන්නෙ නැහැ. ?
සුපුරුදු පරිදි මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ‘Harry Bradbeer’ යටතේ මෙහි අධ්‍යක්ෂණයත් වගේම මුල් චිත්‍රපටයෙ තිර පිටපත නිර්මාණය කල ‘Jack Thorne’ යටතේම දෙවන චිත්‍රපටයට අදාල තිර පිටපත නිර්මාණයද සිදුවෙලා තියෙනවා. පැය 02යි විනාඩි 10ක් පුරාවට ධාවනය කාලයක් සටන් වෙච්ච මේ චිත්‍රපටය Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ මේ වසරේ නොවැම්බර් 04′ වැනිදා. මේ වෙද්දී මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙ 6.8/10 ක අගයක් වගේම Rotten Tomatoes වෙබ්අඩවියෙ 92% ක ඉහළ ප්‍රේක්ෂක පැසසුමක් ලැබිලා තියෙනවා.
– සැබෑ සිදුවීම් වලදී වැඩ වර්ජනය වෙනුවෙන් සම්බන්ධ වූවන් –
හෝම්ස් කෙනෙක් විදිහට එනෝලට මුහුණ දෙන්න වෙන අභියෝග හා ඇයගෙ තවත් එක් වික්‍රමයක් ගැන තමයි මේ චිත්‍රපටයෙ කතාවට ඇතුලත් වෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙවැනි කොටස සුවිශේෂී වෙන්නෙ 1888 වසරේදී ලන්ඩනයේදී එක්තරා කර්මාන්ත ශාලාවකදි තමන් වෙනුවෙන් නැගී සිට හඩ නැගු ‘Matchgirls’ strike’ නොහොත් ‘Bryant & May’ නම් වූ ගිනිකුරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකදී වර්ජනයක් සිදු කල කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමයින්ගෙ වර්ජනය අදාල කතාව මේ චිත්‍රපටයෙ කතාවට අලලා ගොඩනගලා තියෙන නිසායි.
ඒවගේම කියන්න ඕන දෙවන චිත්‍රපටය අවසන් වෙන්නෙ තුන්වැන්නකට අදාල ඉගි ගණනාවක්ම ලබා දීලයි. තුන්වන චිත්‍රපටයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ෂර්ලොක් හෝම්ස් රංගන ශිල්පී හෙන්රි කැවිල් නම් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ලබා දෙන්නෙ හරිම අවිනිශ්චිත පිළිතුරක්. මොකද එයා වැඩි අවධානයක් ඉදිරියේදී ලබා දෙන්නෙ සුපර්මෑන් චරිතය ප්‍රේක්ෂකයාට දැකගන්න සලස්වන එකටයි. මොකද වෙන්නෙ කියලා ඉදිරියේදී බලමු.
එහෙනම් ඉතිං චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. සුභ දවසක් හැමෝටම!!












