EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Summer Wars (2009) AKA Samâ uôzu | කෘත්‍රිම බුද්ධියකට එරෙහි, දැවැන්තම සයිබර් යුද්ධය. [සිංහල උපසිරසි]

අද ගෙනාවේ නම් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci-Fi කැටගරියේ චිත්‍රපට බලන්න කැමති අයට මේකනම් අනිවා සෙට්වෙයි.

2009 දී තිරගත වෙන Summer Wars සඳහා 7.4ක Imdb අගයක්, ඒ වගේම ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MyAnimeList තුළින් 8.04ක් වැනි ඉහළ අගයන් ලැබිලා තියෙනවා. මේක Sci-Fi, Comedy, Action, Adventure, Romance, Slice of Life කියන සියලුම ශානර වලට අයත්වෙන සුපිරිම චිත්‍රපටයක්. මේක නිර්මාණය කරන්නේ ඉතා ජනප්‍රිය ඇනිමේ ස්ටුඩියෝ එකක් වෙන Madhouse ස්ටුඩියෝ එක විසින්. ඉතින් 2009 වර්ෂය ගැන සලකා බලනකොට, දකින්න පුලුවන් ඉස්තරම් ඇනිමේෂන් මේ චිත්‍රපටය සතුවෙනවා.?

ඒ වගේම ජපානයේ විශිෂ්ඨතම ඇනිමේෂන් චිත්‍රපට සඳහා පිරිනමන, Japan Academy Prize for Animation of the year 2010 වර්ෂයේදී දිනා ගන්න Summer Wars සමත් වෙනවා. ඒ වගේම,

• Best Art Direction
• Best Character Design
• Best Director
• Best Original Story
• Best Screenplay

යන අංශ සඳහාත් Summer Wars සම්මාන දිනා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, Japan Media Arts Festival’s Animation Division Grand Prize එක 2010 දී දිනාගන්න Summer Wars සමත් වෙනවා. එතනින් නවතින්නෙත් නෑ, The Anaheim International Film Festival’s Audience Award for Best Animated Feature දිනාගන්නෙත් Summer Warsම තමා. තවද, Sitges Film Festival එකේ Gertie Award for Best Animation Film ජයග්‍රහණය කරන්නත් Summer Wars සමත් වෙනවා.

ඒ වගේම The Locarno International Film Festival එකේ Golden Leopard සම්මානය සඳහා 2009 වර්ෂයේදී Summer Wars නොමිනේෂන් දිනාගන්නවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මේ Festival එකේ තරඟ කරපු පළවෙනි ඇනිමේ චිත්‍රපටය වෙන්නෙත් Summer Wars. ඒ වගේම Best Animated Feature Film at the Asia Pacific Screen Award සඳහාත් නොමිනේෂන් ලබා ගන්න Summer Wars සමත් උනා.

ඉතින් පේනවනේ, මේ ඇනිමේ චිත්‍රපටය එසේමෙසේ එකක් නෙමේ කියල.? ඒ සුපිරිබව නිසාමයි මේකට සබ් එක කෙරුවෙත්. පටන් ගත්තු මොහොතේ ඉ‍ඳන් අවසානය වෙනකන් ගැම්මෙන්, කුතුහලයෙන්, විනෝදයෙන් බලන්න පුලුවන් සුපිරියක් තමා මේ. ඔයාට ඕනේ සුපිරි Fights නම් මේකේ නියම hand to hand combat ටිකක් තියෙනවා. ඒ වගේම හිතට වඳින හරි ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. මේක බලලම ඉන්න ඕනේ ඒ හැඟීම අත්විඳින්න නම්.

එහෙනම් මම කතාවට ආරම්භයක් අරන් දෙන්නම්. ‘වර්ල්ඩ් ඔෆ් ඕස්’ කියන්නේ විනෝදය, ව්‍යාපාර, අධ්‍යාපනය, වෙළඳාම්, සන්නිවේදනය වැනි මිනිසුන්ගේ දෛනික ක්‍රියාකාරකම් ඉටු කරගන්න අන්තර්ජාලය තුල නිර්මාණය කරපු දැවැන්ත අතාත්ත්වික ලෝකයක්. මේක ලෝකය පුරාම පැතිරිලා තියෙන දැවැන්ත පරිගණක ජාලයක්. සම්පූර්ණ කතාවම මේ අතාත්ත්වික ලෝකය එක්කයි බැඳිලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන ‘කෙන්ජී’ පාසල් යන වයසේ කොල්ලෙක්. මිනිහා ගණිතයට උපන් හපනෙක්. ගණිත ගැටලු නම් නතින්ග් මිනිහට. ඉතින් මේ හැකියාවම තමා මේ මුළු ලෝකයම මහා විනාසයකට දාන්න හේතුවෙන්නෙත්. මිනිහගේ ෆෝන් එකට එන මේල් එකක අන්තර්ගත කෝඩ් එකක්, පොර විසඳන්නේ මේකෙන් මොන විදිහේ විපතක් ලෝකයට වෙයිද කියලා දන්නේ නැතුවයි.

ඉතින් කෙන්ජී නොදැනුවත්වම මොනවගේ විපතක්ද ලෝකයට ගේන්නේ? ඉතින් ඒ විපතින් ලෝකයා බේරාගන්නේ කොහොමද? ඒ දේවල් මේ සුපිරි ඇනිමේ එක බලලම දැනගන්න.?

Comments