EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dabangg 3 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Durgesh Raje, Prabhu Deva, Sunil Kumar Agrawal
Cast
Go Full Cast PageDabangg 3 (2019) | චුල්බුල් පාන්ඩේ නැවතත්…
බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රියම චිත්‍රපට මාලාවක තුන්වන කොටස දිග හැරුමටයි මේ සූදානම. දබන්ග් චිත්‍රපට මාලාව කිව්වම ඉතින් කිසි කෙනෙක්ට අමතක නැතුව ඇති කතන්දරේ. සල්මන් කාන්ගේ සිනමාදිවියේ සන්ධිස්ථානයක් බඳු දබන්ග් චිත්‍රපට මාලාව බොලිවුඩයේ ඉතාමත් සාර්ථක වාණිජ චිත්‍රපට මාලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
දබන්ග් චිත්‍රපට මාලාවේ ගමන් මගෙහි තුන්වැනි චිත්‍රපටය සිනමාවට නගනු ලබන්නේ අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂක, නර්ථනයේ ඉන්දියානු සලකුණ එහෙමත් නැත්නම් ඩාන්ස් කා දේවා.. ප්‍රභූදේවා විසින්. නිෂ්පාදනය කරනු ලැබුයේ සල්මන් කාන් සහ අර්බාස් සහෝදරයින් දෙදෙනා විසින්. සල්මන් කාන්ගේ රචනයෙන් මධ්‍ය ප්‍රදේශයට අනුබද්ධ වූ කතාවක් ඇසුරින් සල්මන්, ප්‍රභූදෙවා සහ Alok Upadhyayeගේ තිර රචනයෙන් හැඩවුණු දබන්ග් චිත්‍රපටය පසුගිය වසරේ දෙසැම්බර් 20 වනදා සිට ලොවපුරා සිනමා ශාලාවන් රැසක හින්දි, දමිල, තෙලුඟු, කන්නඩ යන භාෂා හතරෙන්ම තිරගතවීම ආරම්භ වූවා.
දබන්ග් තුන් වැන්නේත් කලින් වගේම සල්මන් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සොනාක්ෂි සින්හා විසින්. ඊට අමතරව Sudeep, Saiee Manjrekar, Arbaaz Khan, Pramod Khanna, Dimple Kapadia, Nawab Shah එහෙමත් මෙහි රංගනයෙන් දායක වනවා.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය Sajid–Wajid ගේ අතින් හැඩවී තිබෙන අතර Jalees Sherwani, Danish Sabri, Sameer Anjaan, Sajid Khan and Irrfan Kamal යන අය විසින් රචිත ගීත 6ක් ඒ සඳහා අන්තර්ගතයි.
ඉන්දියානු රුපියල් කෝටි 120ක් පමණ මුදලක් වැය කරමින් තැනුණු දබන්ග් තුන්වැන්න විශාල මුදලක් වැය කරමින් තැනුණු විස්මිත ක්‍රියාදාම දර්ශන රැසක් ඇතුළුව මිනිත්තු 159ක ධාවන කාලයකින් යුතුව 2019 වසරේ දෙසැම්බර් 20 වනදින ලොවපුරා තිරගතවීම ආරම්භ කෙරුනේ ආරම්භක දිනයේ කෝටි 14ක් දෙවෙනි දිනයේ කෝටි 23ක් ලබාගන්නා අතර, සති අන්තයේ ආදායම ලෙස කෝටි 68.75ක් ඇතුළු මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 236ක ආදායමක් සටහන් කරගනිමින් බොක්ස් ඔෆිස් හිට් ලේබලයටද හිමිකම් කියමින්.
චුල්බුල් පාන්ඩේ කියන්නෙ අපි හැමෝම දන්න අවංක පොලිස් නිලධාරියෙක්නෙ. දවසක් එක ගෑනු ළමයෙක් පොලීසියට අඬාගෙන ඇවිත් කියනවා මිනිස්සු කට්ටියක් ඒගොල්ලන්ව පැහැර ගත්තය, ඒගොල්ලන්ව විකුනන්න අරන් යනවය කියල.ඉතින් චුල්බුල් පාන්ඩෙයි මක්කියි යනවා ඒ ළමයින්ව බේරගන්න. මේ ළමයින්ව ගණිකා වෘත්තියෙ යොදවන්න තමයි පැහැරගෙන ගිහින් තියෙන්නෙ. ඒ වගේම චින්ති වාලියා කියල ගෑනු කෙනෙක් තමයි ඒක කරවන්නෙ. ඉතින් කොහොමහරි කට්ටියව අල්ලගෙන පොලීසියට ගෙනාවට පස්සෙ ඒගොල්ලන්ට ඇප දෙන්න එන එක්කෙනෙක්ගෙ ෆෝන් එකට කතා කරල ඒ පලාතෙ ඉන්න මැරයෙක් චුල්බුල්ට තර්ජනය කරනවා. වීඩියෝ කෝල් එකක් විදිහට ආපු ඒ කෝල් එකෙන් බාලි සිං ගෙ මූන දැකපු චුල්බුල්ට මතක් වෙනවා මේ තමන් කාලෙකට කලින් මරපු මනුස්සයෙක් නේද කියල. ඒ වගේම චුල්බුල් පොලීසියට බැඳෙන්නත් හේතුව මේ බාලි සිං ම තමයි. ඉතින් ඒ හේතුව මොකක්ද කියල කතාව බලලම දැනගමු. ඉතින් තාරක මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ වගේම ප්‍රමාදයටත් සමාව ඉල්ලනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් උපසිරැසියකින් හමුවෙමු.









